IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


උතුරු කොරියාවේ සබ්මැරීනයක් අතුරුදන්

උතුරු කොරියාවට අයත් සබ්මැරීනයක් අතුරුදන්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

දකුණු කොරියාව හා ඇමරිකා එක්සත් ජනපදය මෙතෙක් සිදුකරන ලද විශාලතම යුද අභ්‍යාසය අතරතුරදී මෙසේ උතුරු කොරියාවේ සබ්මැරීනය අතුරුදන්ව ඇති බවත් නමුත් සබ්මැරීනය අතුරුදන්වීම හා යුද අභ්‍යාසය අතර සම්බන්ධයක් නැති බවත් එරට වාර්තා කියයි.

මෙම යුද අභ්‍යාසයට විරුද්ධව උතුරු කොරියා නායක කිම් ජෝන් උන් අනතුරු අඟවා තිබිණි.

ඒ අනුව තම රට ආක්‍රමණය කරන බවට සලකුණක් හෝ තිබුණොත් පළමුව ප්‍රහාර එල්ල කරන බව උතුරු කොරියාව කියා සිටියේය.

උතුරු කොරියාව සතු විශාලතම සබ්මැරීන 70ක් පමණ ඔවුන්ගේ නාවික හමුදා සේවයට යොදාගෙන ඇති බවත් අතුරුදන්වූ සබ්මැරීනය සොයා පරීක්ෂණ සිදුකරන බවත් විදෙස් පුවත් සේවා කියයි. එය ගිලී ඇතැයි අනුමාන කරන බවද එරට වාර්තා සඳහන් කරයි.



අදහස් (0)

උතුරු කොරියාවේ සබ්මැරීනයක් අතුරුදන්

නලින් යහම්පත් Sunday, 13 March 2016 05:31 PM

රූපසිංහ, න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවුවහොත් අඩි දහයක් පොළව යට බංකර වල සිටීමෙන් පලක් වන්නේ නැහැ. විකිරණ හමා යනවා. අවම වශයෙන් අඩි දොළහක ඝණකම සහිත වටේම එලෙස ආවරණය වූ බංකරයක නම් කාලයක් ඉන්න පුළුවන්. (නි)

:       0       0

රිචි බාලසුරිය Sunday, 13 March 2016 10:49 AM

මැලේසියන් ගුවන් යානයට වුනදේම , සිදුවුනාද දන්නේ නැහැ , ඇමරිකාව හරි දක්ෂයි ඕනෙම ඔය වාගේ දේවල් උන් හිටි ගමන් අතුරුදහන් කරන්න , උතුරු කොරියාවේ කයිවාරු වලට ඇමරිකන් ප්‍රතිචාරයක්ද දන්නේ නැහැ (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 16 March 2016 03:43 PM

කොමියුනිස්ට් රටවල සබ්මැරින් හරියට අපේ පරණ කාලේ දිරච්ච බරකරත්ත වගෙයි. (බ)

:       0       0

සේරම් පැරිස් Thursday, 17 March 2016 11:27 AM

කුමාර් (ගල්ෆ් ) කොමියුනිස්ට් රටවල සබ්මැරින් ඔයා දැකලා තියෙනවද ? ගල්ෆ් වලදී දකින පරණ බෝට්ටු වලට රැවටිලා වාගේ (බ)

:       0       0

හරින් Monday, 14 March 2016 11:45 AM

ඉල්ලන් කන්න යන්නේ. (අ)

:       0       0

රූපසිංහ Sunday, 13 March 2016 04:09 PM

මේ ආකාරට ගියහොත් තුන්වන ලෝක යුද්ධයක් ඇති වීම නම් වැලැක්විය නොහැකිවනු ඇත. දැන්ම සිට අපි කවුරුත් අවම වශයෙන් ආදී දහයක් තරම්වත් පොලව යට බිම් ගෙවල් හදා ගත්තොත් නරක නැත. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site