උතුරු කොරියානු විදේශ අමාත්‍ය ධුරය කාන්තාවකට හිමිවී ඇත. විදේශ ඇමැති ධුරය කාන්තාවකට හිමිවුණු පළමු අවස්ථාව වන්නේ මෙයයි. විදේශ අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස ද සැලකෙන චෝ සෙන් හුයි ය.
විදේශ අමාත්‍ය ධුරයට පත් වීමට පෙර, චෝ සෙන් හුයි නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධුරය හෙබවූවාය. චෝ සෙන් හුයි විදේශ අමාත්‍ය ධුරයට පත්වීමට පෙර එම ධුරයේ කටයුතු කළේ දැඩි මතධාරී හමුදා නිලධාරියකු ද වූ රී සොන් ග්වොන්ය. දකුණු කොරියාව සමඟ පසුගිය කාලයේ උතුරු කොරියාව සාම සාකච්ඡා පවත්වමින් යහපත් සබඳතා ඇති කර ගනිද්දී මැදහත් ව කටයුතු කළේ රී සොන් ග්වොන් බව පැවැසෙයි.
ට්‍රම්ප් පරිපාලනය පවතිද්දී, ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිස් ජොන් අතර අවස්ථා කීපයකදී මුහුණට මුහුණ හමුවීම් පැවැත්විණි. එම හමුවීම් පැවැත්වෙද්දී එවකට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස චෝ සෙන් හුයි, උතුරු කොරියානු නායකයා අසල සිටියාය. චෝ සෙන් හුයි ට ඉතා හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකිය.
(ඒ.එෆ්.පී.)
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
උතුරු කොරියාවේ විදෙස් ඇමැති ධුරයට කාන්තාවක්