IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


උතුරු කොරියාව රතු ඉර පැන්නා: ඇමෙරිකානු රාජ්‍ය ලේකම් කියයි

දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට තර්ජනය කරන උතුරු කොරියාව, ‘රතු ඉර’ පැන කටයුතු කරන බවත් එය ඔවුන්ට විශාල අවාසියක් වනු ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.
කෙරී මේ බව කියා සිටියේ බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ‘ජී8’ සමුළුවට සහභාගී වෙමිනි. ජී8 සමුළුවට ඇමෙරිකාවේ, බි‍්‍රතාන්‍යයේ, ප‍්‍රංශයේ, ජර්මනියේ, ඉතාලියේ, ජපානයේ, කැනඩාවේ සහ රුසියාවේ විදේශ ඇමැතිවරු සහභාගී වෙති.
මෙවර ‘ජී8’ සමුළුවේදී වැඩි අවධානය යොමු වූයේ සිරියාවේ අර්බුදය සහ කොරියානු අර්ධද්වීපයේ හටගෙන ඇති යුද උණුසුම වෙතටය. උතුරු කොරියාව දකුණු කොරියාවට සහ දකුණු කොරියාවේ මිතුරා වන ඇමෙරිකාවට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු ඇඟවීමක් කළේ දකුණු කොරියාව සහ ඇමෙරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත් වීමට සැරැසුණු නිසාය.
මේ අතර උතුරු කොරියාව පෙරේදා (10) තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමකට සූදානම් වූ අවස්ථාවේදී දකුණු කොරියාව සහ ජපානය කියා සිටියේ එය ‘සැබෑ තර්ජනයක්’ ලෙස සලකා තම හමුදා සීරුවෙන් තැබීමට කටයුතු කළ බවය. 
උතුරු කොරියාවෙන් එල්ල විය හැකි න්‍යෂ්ටික, රසායනික හෝ ජෛව රසායනික අවි ප‍්‍රහාරයකට මුහුණ දීමට තම හමුදා මේ වනවිටත් සූදානමින් සිටින බව ද ඇමෙරිකාවේ සහාය හිමි වන බව දකුණු කොරියාව පවසයි. එසේ ප‍්‍රහාරයක් එල්ල වුවහොත් උතුරු කොරියාවට පහර දීමට පිලිපීනය, ජපානය ආදී ඇමෙරිකාවේ මිතුරු රටවල් රැසක් සූදානමින් සිටී.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අද (12) දකුණු කොරියාවට පැමිණීමට නියමිතය. හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් ඔහු දකුණු කොරියානු රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.



අදහස් (0)

උතුරු කොරියාව රතු ඉර පැන්නා: ඇමෙරිකානු රාජ්‍ය ලේකම් කියයි

ලක්සිත-ප්‍රංශය Friday, 12 April 2013 11:59 PM

ඇමෙරිකාව රතු ඉර පෙන්නල නැද්ද?(නදී)

:       0       0

ජයනෙත්ති Monday, 15 April 2013 09:25 AM

මුළු ආසියාතික ප්‍රබල රටවල් ටික එක කතාවක ඉන්නවා නම් ඇමරිකාවට කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site