දකුණු කොරියාවේ මිතුරෙකු වී, දකුණු කොරියාවට සහාය දෙමින්, ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වමින් ඇමෙරිකාව උතුරු කොරියාව ‘අවුස්සන’ බවත් එහි අරමුණ උතුරු කොරියා රජය පෙරැළීම බවත් එය ඇමෙරිකාවේ දීර්ඝ කාලීන සැලැස්මක් බවත් එක්සත් ජාතීන්ගේ යුද විරෝධී කමිටුව පෙන්වා දෙයි.
මේ බව අනාවරණය කළේ එම කමිටුවේ ප‍්‍රධානී ජෝ ලොස්බේකර්ය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පාමින් ඇමෙරිකාව එරටට සම්බාධක පනවා එරට ලොවෙන් හුදෙකලා කිරීමද එම සැලැස්මේ ප‍්‍රධාන අංගයක් බව ද ලොස්බේකර් පෙන්වා දෙයි.
මහා පරිමාණයේ යුද්ධයට සූදානම් වන්නැයි උතුරු කොරියාවේ තරුණ නායක කිම් ජොං උන් දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් අනතුරු ඇඟවූයේ මිට සති කිහිපයකට පෙරය. දිනෙන් දින එම අනතුරු ඇඟවීම් අලූත් විය.
කොයිමොහොතේ හෝ උතුරු කොරියාව යුද්ධයක් ආරම්භ කරාවිදැයි යන බිය මේ වනවිට මුළු ලොව පුරාම පැතිර ගොස් අවසන්ය.
ඇමෙරිකාව කියා සිටියේ උතුරු කොරියාවේ තර්ජන සුළුකොට තැකිය නොහැකි නමුත් තමන් සමඟ ‘හැප්පීමට’ ඔවුන්ට ශක්තියක් නැති බවත්ය. දකුණු කොරියාව කීවේ උතුරු කොරියාවෙන් එල්ල වන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට හැකි බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමින්, එරටට එරෙහිව නව වෙළෙඳ, ආර්ථික සහ රාජ්‍ය තාන්ති‍්‍රක සම්බාධක රැසක් ද පැනැවීමට මේ වනවිට කටයුතු යොදා ඇත.
උතුරු කොරියාව චෝදනා කරන්නේ තම රටට එරෙහිව සම්බාධක පැනැවීමට ඇමෙරිකාවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පෙළඹවූයේ දකුණු කොරියාව කියාය.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උතුරු කොරියාව පෙරළන්න ඇමෙරිකාවෙන් සැලැසුම්
ගාමිණී Monday, 08 April 2013 08:53 PM
ඔබාමාගේ උන බහින්න බිල්ලාඩන් වගේ ඉන්ජෙක්ෂන් එකක් දුන්නා නම් ටිකක් මට්ටුවෙයි! (නි)