උතුරු කොරියානු රොකට්ටු වැඩසටහන අසාර්ථක වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය විසින් දිගින් දිගටම එල්ල වූ චෝදනාවලට එකටඑක කිරීමක් වශයෙන් න්‍යෂ්ටික අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට තමන්් සූදානමින් සිටින බවට උතුරු කොරියාව අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව න්‍යෂ්ටික අත්හදා බැලීමේ කටයුතු සහ දිගු දුර මිසයිල වැඩ සටහන් අත්හිටුවන බවට ඇමෙරිකාව සමඟ පැවැති ද්වීපාර්ශ්වීය එකඟතාව තව දුරටත් පවත්වා නොගන්නා බව උතුරු කොරියා රජය ප‍්‍රකාශ කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එරට විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ගිවිසුමෙන් පරිබාහිරව අදාළ පියවර ගැනීමට තමන් සූදානමින් සිටින බවයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තම රොකට් වැඩසටහන සම්බන්ධයෙන් දැක්වූ ප‍්‍රතිචාරය ප‍්‍රතික්ෂේප කරන බවද උතුරු කොරියාව කියා සිටී.
උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කළහොත් එහිදී තම යුද ශක්තිය ලොවට විදහා පෑමේ අරමුණින් ප්ලූටෝනියම් භාවිතා කරනු වෙනුවට අධිබලැති යුරේනියම් යොදා ගෙන තම අත්හදා බැලීම් සිදු කරනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයකු වන සියොං ජූ පැවසීය.
මීට වසර 70කට පමණ ඉහතදී හිරෝෂිමාවට හෙලූ පරමාණු බෝම්බය වැනි වූ අධිබලැති බෝම්බ යුරේනියම් යොදා ගෙන නිර්මාණය කළ හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඉකුත් සතියේදී රොකට්ටුව අභ්‍යවකාශගත කිරීමට පෙර ඇමෙරිකාව ප‍්‍රකාශ කළේ උතුරු කොරියාව අත්හදා බලන දිගු දුර මිසයිලයට ඇමෙරිකා භූමියට පැමිණීමට හැකියාව ඇති බවය.
රොකට්ටුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ උතුරු කොරියාව කියා සිටියේ එරට කිම් ඉල් සුන් ජනාධිපතිවරයාගේ සියවස් සැමරුමට සමගාමීව චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට සූදානමින් සිටින බවය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කිරීමේ සූදානමක