උතුරු කොරියාව දිගු දුර කෲස් මිසයිල දෙකක් අත්හදා බැලූ බව පැවැසෙයි. මෙම මිසයිල දෙක න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ හැකි මිසයිල බව උතුරු කොරියානු හමුදාව පවසා තිබේ.
උතුරු කොරියාව පසුගිය සති කීපය පුරා අත්හදා බැලුවේ කෙටි දුර මිසයිලය. එම මිසයිල අත්හදා බැලීම් ඇමෙරිකාවේත්, දකුණු කොරියාවේත් ජපානයේත් දැඩි විරෝධයට හේතුවක් විය.
උතුරු කොරියාව ‘හිතුවක්කාර’ අන්දමට සිදු කරන මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන්, කනස්සල්ල පළ කරන ඇමෙරිකාව චෝදනා නගා ඇත්තේ උතුරු කොරියාවට මිසයිල අත්හදා බැලීම්වලදී රුසියාවේත් චීනයේත් සහාය නොඅඩුව ලැබෙන බවය.
රුසියාවත් චීනයත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් වන අතර ඔවුන්ගෙන් උතුරු කොරියාවට රැකවරණ ලැබෙන බවට ද ඇමෙරිකාව චෝදනා නගා තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උතුරු කොරියාව දිගු දුර මිසයිල අත්හදා බලයි