IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


උතුරු කොරියාව දිගු දුර මිසයිලයක් අත්හදා බලයි

නව මාදිලියේ දිගු දුර කෲස් මිසයිල කීපයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියානු හමුදාව පවසයි.

උතුරු කොරියා හමුදාව මෙම මිසයිල නිර්මාණය කර ඇත්තේ පසුගිය දෙවසර කාලයේය. න්‍යෂ්ටික යුද ශීර්ෂ සම්බන්ධ කළ හැකි මෙම මිසයිලවලට කිලෝ මීටර් 1,500 ක දුරක් ගමන් යා හැකි බව උතුරු කොරියා හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ උපදෙස් අනුව, උතුරු කොරියානු හමුදා ශක්තිය පෙන්වමින්, මෙම මිසයිල නිර්මාණය කළ බව ද උතුරු කොරියානු හමුදාව වැඩි දුරටත් පවසා තිබේ.

උතුරු කොරියාව පසුගිය මාර්තුවේ ද මිසයිල අත්හදා බැලීමක් කළ නමුත් එය කෙටි දුර මිසයිල අත්හදා බැලීමකි. උතුරු කොරියාව මෙසේ දිගු දුර මිසයිල අත්හදා බැලීමක් කළේ ජෝ බයිඩන් පසුගිය 2021 ජනවාරියේ ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු පළමු වතාවට යැයි දකුණු කොරියානු මාධ්‍ය පෙන්වා දෙයි.

බයිඩන්ට පෙර ඇමෙරිකා ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අවස්ථා කීපයකදී මුහුණුට මුහුණ හමුවී උතුරු කොරියාවේ 'හිතුවක්කාර' න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. එහිදී න්‍යෂ්ටික අවිහරණයකට උතුරු කොරියා නායක කිම් ජොන් උන් කැමැත්ත පළ කළේය.

කෙසේ නමුත් ඇමෙරිකාව මෙන්ම ට්‍රම්ප් පරිපාලනය ද අපේක්ෂා කළ ආකාරයට න්‍යෂ්ටික අවිහරණයක් සිදු නොවිණි. ඒ අනුව, පැවැති එම සාකච්ඡා ඇණ හිටියේය. සාකච්ඡා පැවැත්වෙන කාලයේ උතුරු කොරියාව දිගු දුර මිසයිල අත්හදා බැලීමක් සිදු කළේ නැත. උතුරු කොරියාවේ දිගු දුර මිසයිල ඇමෙරිකාවට තර්ජනයකි.

වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ උතුරු කොරියාව කැමැති වන්නේ නම්, ඕනෑම අවස්ථාවක ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීමටත්, උතුරු කොරියා න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමටත් සූදානම් බවය.

(රොයිටර්)



අදහස් (0)

උතුරු කොරියාව දිගු දුර මිසයිලයක් අත්හදා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site