උතුරු කොරියාව අද(31) ගුවන්ගත කළ හඳුනා නොගත් ප්‍රක්ෂේපන දෙක බැලස්ටික් මිසයිල බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එය මිසයිල අභ්‍යාසයක් බවට තහවුරු වී ඇති අතර මෙම වසරේ උතුරු කොරියාව විසින් සිදුකරන ලද 12වන අත්හදා බැලීම වේ.
දකුණු පියොංජින් පළාතේ සිට ගුවන්ගත කරන ලද මිසයිල දෙක ජපන් මුහුදට වැටී ඇතැයි සඳහන් වේ.
මීට පෙර කරන ලද මිසයිල ඔක්තෝබර් මාසයේදී අත්හදා බැලීම නව මාදිලියක එකක් ලෙස සඳහන්වුණු අතර එය සබ්මැරීනයක සිට ගුවන් ගතකළ බවට වාර්තා විය.
උතුරු කොරියාව හා ඇමරිකාව අතර න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා බිඳවැටී තිබෙන අතර මේ මාසය මුලදී දෙරටේ බලධාරීන් අතර ස්වීඩනයේ පැවති සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් විය.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාව තවත් මිසයිල අභ්‍යාසයක