IMG-LOGO

උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමකට සූදානම්වෙයි

උතුරු කොරියාව ඊයේ(10) තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමකට සූදානම්වීමත් සමඟ එය ‘සැබෑ තර්ජනයක්’ ලෙස සලකා දකුණු කොරියාව හා ජපානය සිය හමුදා සීරුවෙන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ජපානයේ ටෝකියෝ නුවර අවට මිසයිල ආරක්ෂාව තරකර ඇති බවත් ඇමෙරිකා රේඩාර් හා චන්ද්‍රිකා පද්ධතිය උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ කලාපය පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින බවත් දකුණු කොරියා ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එම න්‍යෂ්ටික අත්හදා බැලීම භූගතව හෝ ගුවන්ගතව හෝ සිදු කිරීමට උතුරු කොරියානුවන් සූදානමින් සිටින බව නිවේදනය කළේ දකුණු කොරියානු ආරක්ෂක අමත්‍යංශයයි.
උතුරු සහ දකුණු කොරියාව අතර හට ගන්න අවි ගැටුමක් න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් පවා බිය පළ කරයි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ කොරියානු අර්ධද්වීපයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය පාලනය නොකළ හැකි මට්ටමින් දුරදිග ගොස් ඇති බවය.
මේ අතර, උතුරු කොරියාවෙන් චීනයට ප‍්‍රවේශවීම සඳහා ඇති දේශසීමා මාර්ගය සංචාරකයන් සඳහා වසා දැමීමට චීන රජය පියවර ගෙන තිබේ. නමුත් ව්‍යාපාරික කටයුතු සඳහා එම මාර්ගය භාවිත කිරීමට චීන බලධාරීන් අවසර ලබාදී ඇත.
දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට තර්ජනය කරමින් යුද්ධයකට සූදානම් වන උතුරු කොරියාව පෙරේදා (9) දකුණු කොරියාවේ සිටින විදේශිකයන්ගෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් තම තමන්ගේ රටවල් බලා යන ලෙසටය.
උතුරු කොරියාව අනතුරු අඟවා ඇත්තේ තමා අසල්වැසි දකුණු කොරියාවත් ඇමෙරිකාවත් සමඟ  ඕනෑම මොහොතක යුද්ධයකට පැටැළීමට සූදානම් බවත්, යුද්ධයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත්ය.
ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිවේදනය කර ඇත්තේ උතුරු කොරියාවෙන් එල්ල වන  ඕනෑම මිසයිලයකට උඩු ගුවනේදී පහර දී විනාශ කිරීමට තම මිසයිල පද්ධතියට හැකි බවය.
උතුරු කොරියාවෙන් එල්ල විය හැකි න්‍යෂ්ටික, රසායනික හෝ ජෛව රසායනික අවි ප‍්‍රහාරයකට මුහුණ දීමට තම හමුදා මේ වනවිටත් සූදානමින් සිටින බවත් ඒ සඳහා ඇමෙරිකාවේ සහාය හිමි වන බවත් දකුණු කොරියාව පවසයි. එසේ ප‍්‍රහාරයක් එල්ල වුවහොත් උතුරු කොරියාවට පහර දීමට පිලිපීනය, ජපානය ආදී ඇමෙරිකාවේ මිතුරු රටවල් රැසක් සූදානමින් සිටී.
දකුණු කොරියාවට සහ ඇමෙරිකාවට පහරදෙන බවට උතුරු කොරියාව තර්ජනය කිරීමත් සමඟ කොරියානු අර්ධද්වීපයේ හට ගත් ‘නොසන්සුන්කාරී’ වාතාවරණය කඩිනමින් අවසන් කර ගැනීමට නොහැකි වුවහොත් එයින් මුළුමහත් ආසියානු කලාපයම අස්ථාවර වනු ඇතැයි චීන ජනාධිපති සී ජිංපින් බිය පළ කර ඇත.

ටෝකියෝ නුවර මිසයිල ආරක්ෂාව තරකර ඇති අයුරු....

 



අදහස් (0)

උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමකට සූදානම්වෙයි

සිල්වා Thursday, 11 April 2013 08:25 PM

ශලනි.ඔබ මොනවද මේ ලියන්නේ. උතුරු කොරියාවට කන්න නැහැ කියා කියන්නේ කොහොමද? සමහරවිට ඇමරිකාව ඇතුලු බටහිරට ගැති, ඇත්ත වසන්කර ඇති, ප්‍රවෘත්ති පමණක් කියවා අසා ඔබ ඔවුන් කියනා දෙය පිලගන්නා රූකඩයක් පමණයි. මෙවන් මත දරණ සමාජයක් තවත් කලකදී බිහිකරීම ඇමරිකානුවන්ගේ අරමුණයි. එවිට ලොව පාලණය සදහා ඔවුනට නාස් ලණු ප්‍රමාණවත්.(නදී)

:       0       0

ධනුෂ්ක Thursday, 11 April 2013 12:42 PM

සරත් ඔබ හරි ..එත් යුද්දයක් වෙන්නත් ඉඩ තියෙනවා..එහෙම වුනොත් ලංකාවටත් යම් බලපෑමක් වේවි...(ස)

:       0       0

දිසානායක Thursday, 11 April 2013 11:19 PM

ලෝකෙයේ සිටින සමස්ත මිනිසුන් වෙනුවෙන් දෙවියන් ඇමරිකාවට දඩුවම් දිය යුතුයි (නි)

:       0       0

ලක්ෂිත Friday, 12 April 2013 12:14 AM

මම ඇමෙරිකාවට පක්ෂ නැහැ. (නි)

:       0       0

නසර් Thursday, 11 April 2013 01:00 PM

උතුරු කොරියාව ජය ගන්නවා ඇමරිකාව පරදිනවා ,,,,,,(ස)

:       0       0

සුමී Friday, 12 April 2013 01:51 AM

ඇමරිකාවට වුවමනාව තියන්නේ රටවල් වල යුද්ධ ඇතිකරන්නයි. (නි)

:       0       0

සදරුවන් Thursday, 11 April 2013 01:33 AM

ඇමෙරිකාව ලෝකයේ ප්‍රශ්න වගා කරලා වවාගෙන කන ජාතියක්. (නි)

:       0       0

මනෝහරන් Friday, 12 April 2013 03:20 AM

සලිනි, ඔයා දන්නේ ඇමරිකාව කියන ටිකමනේ (නි)

:       0       0

සදරුවන් Thursday, 11 April 2013 01:40 AM

ලේ නෑයන් කොටවලා මරවලා ඇමෙරිකානු බලය ලොව පුරා පැතිරවීම තමයි අරමුණ. ඇමෙරිකානු යක්ෂයා මිහිතලයෙන් දුරුවේවා! මගේ රටට තෙරුවන් සරණයි. (නි)

:       0       0

සුමුදු Friday, 12 April 2013 08:14 AM

අපේ කොල්ලෝ කෙල්ලෝ 25000ක් කොරියාවේ වැඩ. යුද්ධයක් ඇති වුණොත්? අපි සාමය ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

විමල් Thursday, 11 April 2013 05:38 AM

ඉල්ලගෙන කන්න වගෙයි... (නි)

:       0       0

චුල Thursday, 11 April 2013 07:03 AM

න්‍යෂ්ටික යුද්ධයක් පැමිණේවිද? (නි)

:       0       0

රංගක Thursday, 11 April 2013 02:31 PM

අනිවාර්යෙන් යුද්දයක් ඇතිවෙනවා ඇමරිකාව පරදිනවා.(නදී)

:       0       0

මෝරලා Thursday, 11 April 2013 09:44 AM

ඔය ඇමෙරිකාවේ සෙල්ලම් ටික වැඩි ඈතකට නොයාවි ළමයෝ... (නි)

:       0       0

ශලිනි Thursday, 11 April 2013 09:54 AM

මෙතන අදහස් දක්වද්දී ප්‍රවෘත්තිය කියවලා අදහස් දක්වන්න. තමන්ගේ රටේ ජනතාවට කන්න නොදී න්‍යෂ්ටික අවි හදන උතුරු කොරියාවට ලංකාවට පහර දෙන්න වුණත් ආයුධ තියෙනවා. වැරදිලා හරි පොඩ්ඩක් එහා මෙහා වෙලා ඔය අවියක් මේ පැත්තට ආවොත් ගල් ගහලද නවත්වන්නෙ?අදටත් උතුරු කොරියාවට කන්න හාල් දෙන්නෙ දකුණු කොරියාව. (නි)

:       0       0

සරත් Thursday, 11 April 2013 09:55 AM

උතුරු කොරියාව පාමුල යුද අභ්‍යාස කරලා ඔවුන්ව අවුස්සන්නේ ඇමෙරිකාව වුවමනාවෙන්මයි. එතකොට දකුණු කොරියාවයි ජපානයයි බයවෙලා අමෙරිකාවෙන් ආයුධ මිලට ගන්නවා. නමුත් යුද්ධයක් වෙන්නේ නැහැ. ඇමෙරිකාව බිලියන ගණනක ආයුධ විකුණා ගන්නවා... (නි)

:       0       0

රුසිරු Thursday, 11 April 2013 04:29 PM

සදාම් හුසේනුත් ඔය වගේම කිව්වා.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 337 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 814 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 147 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site