තම රටට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය බෝ කළේ අසල්වැසි දකුණු කොරියාව යැයි උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් චෝදනා නගයි.
කිම් ජොන් උන් මෙසේ චෝදනා නගා ඇත්තේ, උතුරු කොරියාවේ ව්‍යාප්ත වූ ‘කොවිඩ් 19’ වසංගතයේ ආරම්භය සම්බන්ධයෙන් එරට හමුදාව සිදු කළ පුළුල් විමර්ශනයකින් පසුවය.
‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ 2019 වසර අවසානයේ චීනයෙනි. චීනය උතුරු කොරියාවේ අසල්වැසියකු පමණක් නොව, උතුරු කොරියාව සමඟ ගනුදෙනු සිදු කරන ප්‍රධාන රාජ්‍යයයි.
2020 වසරේ දී ‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී, උතුරු කොරියාව චීනය සමඟත්, අසල්වැසි දකුණු කොරියාව සමඟත් දේශසීමා වසා දැමීය.
ඒ, වයිරස ව්‍යාප්තිය නවත්වා ගැනීමේ අරමුණින්ය. උතුරු කොරියාව ගත් එම ක්‍රියා මාර්ගය සාර්ථක වූ අතර මෙම 2022 අප්‍රේල් මාසය වනතුරු එරටින් ආසාදිතයන් වාර්තා වූයේ නැත.
කෙසේ නමුත් මෙම 2022 අප්‍රේල් මාසයේ උතුරු කොරියාවේ උණ වසංගතයක් පැතිර ගිය අතර ලක්ෂ ගණනක් රෝගී වූහ. මරණ ද වාර්තා විය. පසුව අනාවරණය වූයේ පැතිර යන්නේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරසය බවටය.
පළමුවෙන් උණ රෝගීන් වාර්තා වූයේ උතුරු කොරියාවේ ක්වංග්වොන්ග් පළාතේ කුමංග් පළාතේ නගරයකිනි. මෙම නගරය පිහිටා ඇත්තේ දකුණු කොරියා දේශසීමාවට නුදුරිනි. පළමුවෙන් රෝගී වී ඇත්තේ 18 හැවිරිදි හමුදා සොල්දාදුවකු සහ කුඩා පෙර පාසල් දරුවන් කණ්ඩායමකි.
මොවුන් රෝගී වී ඇත්තේ දකුණු කොරියාව දෙසින් දේශසීමාවට විසි කළ අපවිත්‍ර දේවලින් යැයි උණ වසංගතයේ සුලමුල සොයද්දී, සෞඛ්‍ය බලධාරීන් අවබෝධ වී තිබේ.
දකුණු කොරියානුවන් හිතාමතා මෙම අපවිත්‍ර ද්‍රව්‍ය දේශසීමාවට ගෙනත් දමා ඇත්තේ උතුරු කොරියානුවන් රෝගී කිරීමේ අරමුණින් යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චෝදනා නගා තිබේ. මේ සම්බන්ධයෙන් දකුණු කොරියාව තමත් කිසිදු ප්‍රකාශයක් පවසා නැත.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට චෝදනා