IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


උතුරු කොරියාවට යනවා ෆ්‍රැන්සිස් පාප්තුමෝ කියති

ඇරැයුමක් ලැබුණොත් උතුරු කොරියාවට යෑමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප්තුමා පවසා ඇත. පාප්තුමන් මෙසේ පවසා ඇත්තේ දකුණු කොරියානු කේ.බී.එස්. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

‘ඔවුන් මට ඇරැයුම් කළොත්, මා එසැණින් උතුරු කොරියාවට යන්න සූදානම්. ඒත් ඔවුන් මට ඇරැයුම් කරාවි යැයි සිතන්නේ නැහැ’ යැයි පාප්තුමන් මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.

බටහිර සම්බාධක හේතුවෙන් උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා වී සිටී. උතුරු කොරියාවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සම්බාධක පැනැවීම් කර ඇත්තේ උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි.

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති මූන් ජේ ඉන්, කතෝලික බැතිමතෙකි. ඔහු ජනාධිපති ධුරයේ සිටිද්දී අවස්ථා කීපයකදී පැවැසුවේ, පාප්තුමන් උතුරු කොරියාවට පැමිණියහොත්, එය කොරියානු අර්ධද්වීපයේ සාමය ස්ථාපිත කිරීමට හේතුවක් වනු ඇති බවය.

(රොයිටර්)



අදහස් (0)

උතුරු කොරියාවට යනවා ෆ්‍රැන්සිස් පාප්තුමෝ කියති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 502 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2244 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site