තමන්ට රිසි පරිදි, මිසයිල අත්හදා බැලීම් කිරීමටත්, න්‍යෂ්ටික අවි තැනීමටත් උතුරු කොරියාවට සහාය ලබා දෙන්නේ චීනය සහ රුසියාව යැයි ඇමෙරිකාව චෝදනා කරයි.
ඇමෙරිකාව මෙසේ චෝදනා කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවේය. චීනයත් රුසියාවත් ඇමෙරිකාව සේම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන්ය.
‘උතුරු කොරියාව ලෝකයට ඔවුන්ගේ බලය සහ ශක්තිය පෙන්වන්නේ චීනයේත් රුසියාවේත් ආරක්ෂකාවත් රැකවරණයත් ඔවුන්ට ලැබෙන බැවින්. චීනය සහ රුසියාව ආරක්ෂක කවුසිලයේ නිත්‍ය සාමාජිකයන්. ඒ නිසා ඔවුන්ගේ ක්‍රියා කලාපය ගැන සතුටු වෙන්න බැහැ.’ යැයි එක්සත් ජාතීන්ගේ ඇමෙරිකන් තානාපතිනී ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් පැහැදිලි කර තිබේ.
පසුගිය 4 වැනිදා උතුරු කොරියානු හමුදාව, ජපානයට තර්ජනයක් වන අයුරින් දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීය. එම මිසයිල අත්හදා බැලීම ලෝක සාමයට තර්ජනයක් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ද චෝදනා නැගුවේය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උතුරු කොරියාවට චීනයේ රුසියාවේ ආරක්ෂාව
ganegoda Thursday, 06 October 2022 01:43 PM
ඒ ඒ අයට ඒ ඒ අයගේ යහළු මිත්‍රයෝ