IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්ත 9 ක විදුලිය ඇනහිටලා

උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්ත නවයක ඊයේ (30)  සිදුවූ විදුලිය බිඳ වැටීමකින් ලක්ෂ ගණනක් දැඩි අසීරුතාවකට පත් වූහ. විදුලිය බිඳ වැටුණේ  උතුරු ඉන්දියාවට විදුලි බලය සැපැයෙන විදුලි බලාගාර පද්ධතිය හදිසියේම අකි‍්‍රය වීමෙන් යැයි බලාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.කේ. ජාලින් පැවැසීය. විදුලිය බිඳ වැටුණේ ඊයේ අලූයම 2.40 ටය. නවදිල්ලිය, හර්යානා, හිමාචල්, ජම්මු/කාශ්මීර්, මධ්‍ය ප‍්‍රදේශ්, පන්ජාබ්, රාජස්ථාන්, උත්තරන්චාල් සහ උත්තර ප‍්‍රදේශ් යන ප‍්‍රාන්තවලට විදුලි බලය අහිමි වූ අතර දුම්රිය ගමනාගමන කටයුතුවලට ඉන් බාධා එල්ල විය. නවදිල්ලි ඇතුළු ප‍්‍රධාන නගරවල මාර්ග සංඥා අක‍්‍රිය වීමෙන් දැඩි රථ වාහන තදබද දකින්න ලැබුණි. උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්තවලට විදුලි බලය සැපැයෙන බලාගාර පද්ධතිය නඩත්තු කරන්නේ පවර් සිස්ටම් සමාගමය. ඉන්දියාවේ බිලියන 1.2 ක ජනගහනයෙන් සියයට 28 ක් ජීවත් වන්නේ උතුරුදිග ප‍්‍රාන්තවලය. පවර් සිස්ටම් සමාගම කියා සිටියේ විදුලි බල සැපැයුම යථා තත්ත්වයට පත් කිරීමට ඔවුන් යුහුසුළුව කටයුතු කළ බවය.



අදහස් (0)

උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්ත 9 ක විදුලිය ඇනහිටලා

පියල් Wednesday, 01 August 2012 04:17 PM

හොදම වැඩේ. මෙහෙම වෙලා මදි අපිට කරපුවට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 38 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site