IMG-LOGO

උතුරු අයර්ලන්තය සති හයකට අගුලු දමයි

 


 
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා දෙසැම්බර් 26 වැනිදා සිට සති හයකට රට අගුළු දමන බව  උතුරු අයර්ලන්තය නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය මිචෙලා ඔනීල් ඊයේ (17) නිවේදනය කළාය.

බ්‍රිතාන්‍යයට අයත් උතුරු අයර්ලන්තය ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට අවස්ථා කිහිපයකදී ලොක්ඩවුන් සීමා පැනවීය. එක් අවස්ථාවකදී උතුරු අයර්ලන්තය යුරෝපයේ නව කොරෝනා වයිරසය පැතර යන කේන්ද්‍රස්ථානයක් බවට ද පත්ව තිබිණි. අවසන් වරට පනවා තිබූ සීමා පසුගිය සතියේදී ලිහිල් කෙරුණු අතර සීමා ලිහිල් කිරීමත් සමඟ සියලු කඩසාප්පු, අවන්හල් සහ බීමහල් නැවත විවෘත කෙරුණි.

කෙසේ නමුත් නව සීමා සමඟ අවන්හල් සහ බීමහල් අත්‍යවශ්‍ය නොවන සියලු කඩසාප්පු වසා දැමෙන අතර ආහාර බෙදාහැරීම හා රැගෙන යෑමට පමණක් අවසර ලැබේ.

“මේක බොහෝ දෙනකුට කනගාටුදායක පුවතක්. එහෙත් බොහෝදෙනකු එය බලාපොරොත්තුවෙන් සිටියා. කඩිනම් මැදිහත්වීමක් අවශ්‍ය බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා. මෙය නිවැරැදි තීරණය යැයි මා හිතනවා” යැයි මිචෙලා ඔනීල් මාධ්‍යවේදීන් හමුවේ පැවැසුවාය.

රෝහල්වල ඉඩ නොමැති වීම නිසා රෝහලක රථගාලක නවත තිබූ ගිලන් රථයක් තුළ රෝගියකුට ප්‍රතිකාර කරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ද ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

නව කොරෝනා වයිරසය හේතුවෙන් උතුරු අයර්ලන්තයේ රෝහල්වලට දැඩි පීඩනයක් එල්ල වනු ඇතැයි එරට සුව සේවා භාර සහ සංවිධාන කිහිපයකම ප්‍රධානීන් මේ වනවිටත් අනතුරු අඟවා ඇත. උතුරු අයර්ලන්තයෙන් වාර්ත වන රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් වැඩි වෙමින් තිබෙන අතර රෝහල් ද රෝගීන්ගෙන් පිරී ගොස් තිබේ.

උතුරු අයර්ලන්තයෙන් බ්‍රහස්පතින්දා, එනම් ඊයේ (17) වයිරස ආසාදිතයන් 656 දෙනකු වාර්තා වූ අතර එය සති පහකට පසු දිනක් ඇතුළත එරටින් වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේ. දින 28ක් ඇතුළත වයිරස ආසාදනය වීමෙන් 1,154 දෙනකු මරණයට පත්ව ඇතැයි ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

යුරෝපා සංගමයට අයත් රටකින් අඩුම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ උතුර් අයර්ලන්තයේ අසල්වැසි රට වන අයර්ලන්ත ජනරජයෙනි.

කෙසේ නමුත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමත් සමඟ වයිරස ආසාදිතයන් වැඩි වීමක් දක්නට ඇතැයි බලධාරීහු අනතුරු අඟවති.

මේ අතර වසර අවසන් වීමට පෙර නව සීමා පැනවීමට සිදුවනු ඇතැයි අයර්ලන්තයේ අග්‍රාමාත්‍ය මයිකල් මාර්ටින් පැවැසීය.

රොයිටර් අනුග්‍රහයෙනි
- 055
 



අදහස් (0)

උතුරු අයර්ලන්තය සති හයකට අගුලු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 99 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 260 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site