IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


උණුසුම මඩින්න බොරු මළ මුහුදට බසිති

මේ දිනවල චීනයේ පවතින උණුසුම් කාලගුණය හමුවේ සැනසීමක් ලබාගනු වස් බොහෝ චීන ජාතිකයින් තෝරා ගන්නේ එරට උද්‍යානයක කෘත්‍රිම මළ මුහුදයි.

අරාබිකරයේ පිහිටි සැබෑ මළ මුහුදට සමානව නිමවා ඇති මෙය විසල් පිහිනුම් තටාකයකට සමානය. එකම වෙනස වන්නේ මෙහි පිහිනීමට පිහිනන්නට දැන සිටීම අවශ්‍ය නොවීමය. සැබෑ මළ මුහුද හා සමානව මෙම තටාකයේ ජලයේ ඝණත්වය වැඩිකර තිබෙන බැවින් එයට බසින කිසිවෙකුත් ගිළෙන්නේ නැත.

පසුගියදා දස දහසක් පමණ චීන ජාතිකයින් මේ තටාකය වසාගෙන පාවෙමින් සිටිනු දැකගත හැකිවිය. තදබදය කෙතරම් දැඩි වූයේ ද යත් පිටතට පැමිණීමට අවශ්‍ය වූවන්ට එම අවස්ථාව ලැබෙන තෙක් බොහෝ වේලාවක් බලා සිටීමටද සිදුවිය.

2A771AE900000578-3158262-image-a-72_1436714483326[1] 2A771AD500000578-3158262-image-a-75_1436714516725[1] 2A771AB900000578-3158262-image-a-81_1436714537474[1]



අදහස් (0)

උණුසුම මඩින්න බොරු මළ මුහුදට බසිති

සමන්ත සුගතවංස Tuesday, 14 July 2015 05:40 AM

රුපවති නංගී, ලංකාවේ මිනිස්සු අඩුයි ගැනු වැඩියි. ඒක නිසා පිරිමි රැක ගැනීම ඔයාලගේ වගකීම. චීනෙට අපේ අහිංසක පිරිමි පිටමන් කරහම ඔයාලගේ සැප දුක බලන්නේ කවුද.? (ර)

:       0       0

සිසිර Tuesday, 14 July 2015 11:11 AM

ඉසුරන්දි චීනය ඉස්සර සමාජවාදී රටක් උනාට අද ධනවාදී රටක් බවට පත්වී හමාරය. චීනයේ බීජින් අගනුවර ජීවත් වෙන්න අවම වැටුපක් තියෙනවා. එකට අඩු කට්ටියට එහි පදිංචිවීම තහනම්. ලොව වැඩිම උමං අනතුරු වෙන්නේ චීනයේ. හේතුව උමං කම්කරුට හරි ආරක්ෂක උපකරනවත් ලබානොදීම. ලොවේ බාල මිලකට බදු නිපතවන්නේ චීනය හේතුව එහි කම්කරු වැටුප් හරි අඩු නිසා. හැබයි එහි ඉන්න ධනවාදී පන්තියට හොඳ වැටුප් සහ සහන මෑතකදී චීනය ලොවේ ලොකුම ජලාශය හදපු වෙලාවේ රජය දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් කඩල මහපාරට පන්නපු අවස්ථාද තිබේ. චීනයේ ඡන්ද ක්‍රමයක්ද නැත. (ර)

:       0       0

රූපවතී Monday, 13 July 2015 11:14 AM

අර පොල්ඔලු කරගහගෙන සරම අතේ තියන් බාත්රුම් වල ජනෙල්වලින් එබෙන්න යන දෙතුන් දෙනෙක්ව උස්සලා මේ මැද්දට අතාරින්නයි තියෙන්නේ.? (බ)

:       0       0

ගැමුණු Monday, 13 July 2015 06:33 AM

පිහිනුම් තටාකයක මෙතරම් ජනතාවක් රොක්ව සිටීම, එකිනෙකාගේ සෞඛ්‍යයට හිතකර නොවේ. (ස)

:       0       0

ඉසුරන්දි Monday, 13 July 2015 07:27 AM

චීනය මෙච්චර දියුණු නම් ඇයි චීන්නු ලංකාවට ඇවිත් හිඟා කන්නේ.(ම)

:       0       0

රූපවති Tuesday, 14 July 2015 07:08 AM

සමන්ත සොයුර ඔයා ඔහොම සංගණනය කලාට වෙන්නේ ඔකේ අනික් පැත්තනි..? එහෙම නම් ලංකාවේ පිරිමි දැන් අර පිරි මැස්ස්ම ඉගෙන ගන්න වෙනවා එහෙනම් ඔන්න ..මම ගියා..? (අ)

:       0       0

ශ්‍රීමති Monday, 13 July 2015 02:48 PM

මොනතරම් විෂබීජ සැරිසරනවා ඇත්ද ඔතන?තම තමාගේ ගෙවල්වල තබා එක වතුරෙන් පුරවාගෙන ඉන්නවා,(අ)

:       0       1

රන් Monday, 13 July 2015 03:16 PM

සාන්ද්‍ර ලුණු වතුරට විස බීජ මැරෙනවා. (නදී)

:       0       0

රන්දි Monday, 13 July 2015 03:21 PM

ලංකාවේ ගිලිලා මැරෙන හැටියට මේ තටාක අවශයයි (බ)

:       0       0

හර්ෂා Tuesday, 14 July 2015 03:03 AM

රුපවති හරියටම හරි (ම)

:       0       0

බටු Wednesday, 15 July 2015 02:09 PM

අනේ මිනිස්සු කොහොම නානවද මන්ද මෙහෙම ඇඳන් පව් තරුණ පැටව් ටික (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 494 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2237 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1674 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site