අභ්‍යවකාශ නැවැතුම්පොළට වෙත, පළමු පෞද්ගලික ගගන සංචාරය ආරම්භ විය. ඒ, 'ඇක්සිමොස්' අභ්‍යවකාශ සමාගමේ මැදිහත් වීමෙනි.
මෙය සියයට 100 ක් පෞද්ගලික ගගන සංචාරයක් බව පැවැසෙයි. 'ඇක්සිමොස්' සමාගම මෙම මෙහෙයුම සදහා 'ස්පේස් එක්ස්' සමාගම සමග අත්වැල් බැදගෙන සිටී.
ගගනගාමීන් ලෙස සිවු දෙනකු අභ්‍යවකාශ නැවැතුම්පොළ වෙත පිටත්ව ගියේ ස්පේස් එක්ස් ෆෝල්කන් රොකට්ටුවක සහ ඩ්‍රැගන් ගගන කැප්සියුලයක ආධාරයෙනි.
නාසා ගගනගාමී මයිකල් ලෝපේස් ඇලෙජියා මෙහෙයුමට නායකත්වය දෙයි. මොහු ඇමෙරිකන් ස්පාඤ්ඤ ද්විත්ව පුරවැසියෙකි. මයිකල් ලෝපේස් මීට පෙර අවස්ථා කීපයකදී අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය තැනැත්තෙකි.
මයිකල් ලෝපේස් සමග අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියේ ඇමෙරිකන් ව්‍යාපාරික ලැරී කොනර්, කැනඩා ජාතික ව්‍යාපාරික මාර්ක් පැතී සහ ඊශ්‍රායල ගුවන් හමුදාවේ නියමුවකු ලෙස ද සේවය කර ඇති ව්‍යාපාරික එයිස්ටන් ස්ටිබේ නමැති තිදෙනාය. මොවුන් තිදෙනාම සමාජ සේවා කටයුතුවලට සම්බන්ධය.
මයිකල් ලෝපේස් ඇතුළු තිදෙනා දින 8 ක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගත කරනු ඇති අතර, මෙම ගමන සදහා එක් අයකුගේ ටිකට් පතක මිල ඇමෙරිකන් ඩොලර් මිලියන 55 කි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උඩු ගුවනට පෞද්ගලික ගගන සංචාරයක්