IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


උඩ ගිය සිවිල් ගගනගාමීන් යහතින්

ඇමෙරිකාවේ 'ස්පේස් එක්ස්' සමාගමේ, ෆෝල්කන් රොකට්ටුවේ ආධාරයෙන්, ඩ්‍රැගන් කැප්සියුලයේ නැගී පෘථිවි කක්ෂයට ගිය සිවිල් ගගන සංචාරකයන් සිවුදෙනා යහතින් පසුවන බවත්, ඔවුන්ගේ තෙදින අභ්‍යවකාශ සවාරිය හෙට (19) අවසන් වී ඔවුන් යළි පෘථිවියට පැමිණීමට නියමිත බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

'ස්පේස් එක්ස්' යනු ඇමෙරිකන් බිලියනපති ඉලොන් මස්ක් ට අයත් සමාගමය. අභ්‍යවකාශ ගමන් බිමන් සඳහා අභ්‍යවකාශ යානා නිර්මාණයේ පුරෝගාමියකු ලෙස 'ස්පෙස් එක්ස්' සැලකෙයි. 'ස්පෙස් එක්ස්' සමාගම නාසා ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කර ඇති අතර, නාසා ගගනගාමීන් අභ්‍යවකාශයේ ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට ගෙන යෑම සිදුවන්නේ ද 'ෆෝල්කන්' රොකට් සහ 'ඩ්‍රැගන්' ගගන කැප්සියුල ආධාරයෙනි.

අතමිටසරු ඕනෑම අයකුට අභ්‍යවකාශ සවාරි යා හැකි බව පෙන්වා දෙමින්, ඊට ඉඩ සලසා දෙමින්, ස්පේස් එක්ස් සමාගම ඔවුන්ගේ මංගල ගගන සවාරිය ආරම්භ කළේ පසුගිය 15 වැනිදාය.

ෆෝල්කන් රොකට්ටුව සහ ඩ්‍රැගන් කැප්සියුලය, සිවිල් ගගනගාමීන් සිවුදෙනා රැගෙන පෘථිවි කක්ෂය බලා පිටත් ව ගියේ ෆ්ලොරීඩා හි බ්‍රෙවාඩ් ප්‍රාන්තයේ, නාසා ආයතනයට අයත් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. මෙම ගමන මෙහෙයවීම සිදු කරන්නේ නාසා ආයතනයයි. ඒ අනුව, නාසා ආයතනය සිවිල් අභ්‍යවකාශ ගමනකට සම්බන්ධ වුණු පළමු අවස්ථාව මෙයයි.

ස්පේස් එක්ස් සමාගමේ මංගල අභ්‍යවකාශ සවාරිය නම් කර ඇත්තේ 'ඉන්ස්පිරේෂන් 4' යනුවෙනි. ගුවන්ගත වීමෙන් පසු, රොකට්ටුවෙන් වෙන්වුණු ඩ්‍රැගන් කැප්සියුලය, සිවිල් ගගන සංචාරකයන් සිවුදෙනා සමඟ ඉහළ පෘථිවි කක්ෂයට පිවිසියේය. 15 වැනිදා සිට හෙට 19 දක්වා මොවුන් මීටර් 8 ක් උස, මීටර් 4 ක් පළල ඩ්‍රැගන් ගගන කැප්සුලයේ රැඳී සිටිමින්, පෘථිවිය වටා ගමන් කරයි. ඉන්පසු කැප්සියුලය පැරෂූට් ආධාරයෙන් ආපසු පොළොවට පැමිණෙනු ඇත.

ඉයොන් මස්ක් සමඟ සාකච්ඡා කර, ස්පේස් එක්ස් මංගල අභ්‍යවකාශ සංචාරයට සැලැසුම් කළේ 38 හැවිරිදි ජාරෙඩ් අයිසෙක්මන් ය. අයිසෙක්මන් ද බිලියනපතියෙකි. ඔහු තවත් තිදෙනෙක් 'ඉන්ස්පිරේෂන් 4' මෙහෙයුමට සම්බන්ධ කරගෙන සිටී. මෙහෙයුමේ සියලු බර පැන දරන්නේ ද අයිසෙක්මන් ය.

අයිසෙක්මන් ස්පේස් එක්ස් සමාගමට කොතරම් මුදලක් ලබා දුන්නේදැයි මෙතෙක් අනාවරණය වී නැත.

29 හැවිරිදි හෙයිලී ආසනෝව්, 42 හැවිරිදි ක්‍රිස් සෙම්බ්‍රොකී සහ 51 හැවිරිදි සියැන් ප්‍රොක්ටර් ජාරෙඩ් අයිසෙක්මන් සමඟ මෙම ගමනට එක් වී සිටිති.

(රොයිටර්)



අදහස් (0)

උඩ ගිය සිවිල් ගගනගාමීන් යහතින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 670 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site