IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඊශ්‍රායල හමාස් සාම සාකච්ඡා යළි ඇරැඹේ

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජයේ නියෝජිතයන් අතරේ සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වීමට නියමිතය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සටන් විරාම සාකච්ඡා ලබන 15 වැනිදා පැවැත්වෙන බවය.

සටන් විරාම සාකච්ඡා පැවැත්වෙන්නේ, ඇමෙරිකාව, කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව මැදිහත් වෙමිනි. සටන් විරාම සාකච්ඡා සඳහා උනන්දුවක් දක්වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය පවසා ඇත.

ඊශ්‍රායල හමාස් සටන් විරාම සාකච්ඡා පැවැත්වෙන්නේ ඊශ්‍රායල හමුදා හමාස් දේශපාලන අංශ නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමෙන් පසුවය. සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නියෝජිතයන් සහභාගී කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හමාස් නව නායක යාහියා සින්වාර් පවසා ඇත.

ඊශ්‍රායල හමාස් අර්බුදය ආරම්භ වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයකින් පසුවය. එම ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ යාහියා සින්වාර්ය. ඉස්මායිල් හානියේ මරා දැමූ ආකාරයට යාහියා සින්වාර් ද මරා දමන බවට ද ඊශ්‍රායලය තර්ජනය කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඊශ්‍රායල හමාස් සාම සාකච්ඡා යළි ඇරැඹේ

Gamma Monday, 12 August 2024 09:35 AM

ඊශ්‍රායලය සමග සාමයෙන් කටයුතු කරනවා හැරෙන්නට වෙන දෙයක් ඉතිරි වෙන්නෙ නෑ...මේ ත්‍රස්තවාදීන්..කොතන සැඟවිලා හිටියත් ...ඒවා හරියට හඳුනා ගෙන ප්‍රහාර එල්ල කරන්න පුළුවන් තාක්ෂණික දියුණුවක් ඊශ්‍රායෙලය සතුව තියෙනවා...ගිය බදාදා ඔවුන් "Ofek 13" කියන ඔත්තු බලන චන්ද්‍රිකාවක් දියත් කලා...ඒ නිසා දැන් පෙරට වඩා පැහැදිලි සතුරා ගැවසෙන තැන් දකිනවා...ඒ නිසා ත්‍රස්තවාදීන්ජට පුංචි හො රැකවරණයක් ලැබෙන්නෙ ජනතාව තුල සැඟවීලා සිටියොත් පමණි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site