
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට හේතු වූයේ, මීට වසරකට පෙර 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන්, ඔවුන්ට සහාය දක්වන ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයයි.
එම අවස්ථාවේදී සිය ගණනක් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරයට රැගෙන ගිය අතර, අද වනවිට ඔවුන් ජීවතුන් අතර සිටිනවා ද නැද්ද යන්න පවා නොදන්නා බව වාර්තා වේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමාස් සටන්කාමීන් ගාසා තීරයෙන් මුලිනුපුටා දමන බවටය ප්‍රතිඥා දී ඇති අතර, ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ගුවනින් සහ ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කිරීම ආරම්භ විය.
ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මේ වනවිට, මියගිය ගාසා පලස්තීනුවන් ගණන 41,825 කි. තුවාල ලැබූ ගණන 96,910 කි. මියගිය අය සහ තුවාල ලැබූවන් අතරේ සිටින වැඩි දෙනා කුඩා දරුවන් සහ කාන්තාවන් බව වාර්තා වේ.
ඊශ්‍රායලයේ අරමුණ වී ඇත්තේ, ගාසා තීරය ජීවත් වීමට නුසුදුසු ස්ථානයක් බවට පත් කිරීමය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පෙන්වා දී ඇත්තේ ගාසා තීරය මේ වනවිට මිහිපිට අපායක් බවට පත් වී ඇති බවය.
හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරයත් සමඟ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වුණු අර්බුදය, වසරක් ගත වෙද්දී, ඊශ්‍රායලය සහ ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් අතරේ ගැටුමක් දක්වාත්, ඊශ්‍රායලය සහ ඉරානය අතරේ ගැටුමක් දක්වාත් වර්ධනය වී ඇත.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1527
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්