IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ගියොත් සටන් විරාමයකට කැමතියි

ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන්ම ගාසා තීරයෙන් ඉවත් වුවහොත් පමණක්, සටන් විරාමයකට එකඟ වන බව ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය කියයි.

මේ වනවිට ඇමෙරිකාවේ ද මැදිහත් වීමෙන්, යළිත් වරක් ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා සාකච්ඡා පැවැත්වෙයි. සාකච්ඡා පැවැත්වෙන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරදීය. කටාරය ද මැදිහත්කරුවකු ලෙස එක් වී සිටී.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වූ විට තමන් සටන් විරාමයකට එකඟ වන බවත්, තම ග්‍රහණයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට කටයුතු කරන බවත් හමාස් සංවිධානය නියෝජනය කරමින්, කයිරෝ අගනුවරට පැමිණි නියෝජිතයන් අවධාරණය කර ඇත.

 (අල් ජසීරා)



අදහස් (0)

ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ගියොත් සටන් විරාමයකට කැමතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 484 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site