
ඊශ්‍රායලයේ, ටෙල් අවීව් නුවර, ජනාකීර්ණ වීදියක, බස් රථ නැවතුමකට ට්‍රක් රථයක් කඩා වැදුණි.
එම අවස්ථාවේදී බස් රථ නැවතුම මගීන්ගෙන් පිරී තිබුණු අතර, ට්‍රක් රථයට යටවීමෙන් මගීන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 40 කි.
තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ඊශ්‍රායල මාධ්‍ය පවසයි. මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ඉඩ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසා ඇත.
එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ හඳුන්වා දී ඇත. ට්‍රක් රථය රියදුරු ඊශ්‍රායල ජාතිකයකු බව ද පැවැසෙයි. බස් රථ නැවතුමට කඩා වැදුණු අවස්ථාවේ, එහි සිටි සෙබළුන් කළ වඩි තැබීමකින් රියදුරා ජීවීතක්ෂයට පත් විය.
ට්‍රක් රථය බස් නැවතුමට කඩා වැදුණු අවස්ථාවේ ඊට යට වුණු පිරිස අතර හමුදා සොල්දාදුවන් කීප දෙනෙකු ද සිටින බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊශ්‍රායල බස් රථ නැවතුමකට ට්‍රක් රථයක් කඩා වැදී 4 ක් මරුට