IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හමාස් නියෝජ්‍ය නායකයා මරුට

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බීරූට් අගනුවර සිටි හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සාලේ අල් අරූර් ඝාතනය කළේය. ඒ, ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමිණි.

සාලේ අල් අරූර් ඇතුළු හමාස් සාමාජිකයන් 6 දෙනකු එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.

හමාස් සංවිධානයට එරෙහිව ගෙන යන සටනේ දී ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු පළමු ජ්‍යෙෂ්ඨ හමාස් නායකයා ලෙස සාලේ අල් අරූර් සැලකෙයි.

මෙම ප්‍රහාරයෙන් පසු, ගාසා තීරයට පමණක් සීමා වුණු ඊශ්‍රායල හමාස් අර්බුදය ලෙබනනයට ව්‍යාප්තවීමේ අවදානමක් පවතී.

ඊශ්‍රායල රජය පවසා ඇත්තේ බීරූට් අගනුවරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය, ලෙබනනයට එරෙහිව කළ ප්‍රහාරයක් නොව, තම සතුරා හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමින් කළ ප්‍රහාරයක් පමණක් බවය.



අදහස් (3)

ඊශ්‍රායල ප්‍රහාරයෙන් හමාස් නියෝජ්‍ය නායකයා මරුට

PATTA hora Wednesday, 03 January 2024 12:04 PM

මරු ඈ... ආන්න එහෙම මේ ත්‍රස්තවාදී න් අතුගාල දාන්න ඕනෑ. අහිංසක මිනිස්සු ප්‍රාණ ඇපයට ගන්න, පලිහක් ලෙස යොදා ගන්න බෙලහීනයෝ.

:       7       34

එළ කොල්ලා Wednesday, 03 January 2024 07:40 PM

කොන්ද පණ නැති අන්තවාදීන් මේ මිහිපිටින් තුරන් කරන්න ඕන කොහේ හිටියත්.

:       0       1

Bamunuarachchi Friday, 05 January 2024 05:24 AM

එළ කොල්ලෝ... ඒක මේ රටටත් වලංගුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 303 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 97 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site