
ඊශ්‍රායල ප්‍රහාරයෙන් තම සෙබළුන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ඉරානය පවසයි. ඊශ්‍රායලට ඉරානයට මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කළේ පසුගිය පළමු වැනිදා ඉරානය, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.
ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර එල්ල කළේ ඉරානයේ මිසයිල නිෂ්පාදන කර්මාන්ත ශාලා සහ හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් යැයි පැවැසෙයි. මිසයිල තෙහෙරාන් අගනුවර ස්ථාන ඉලක්ක කර ගනිමින් ද එල්ල විය.
තමන් සැමවිටම සාමය ආරක්ෂා කරන නමුත් සතුරු ප්‍රහාරයකදී ආරක්ෂා වීමට තමන්ට අයිතියක් ඇතැයි ඉරාක විදේශ අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇත.
මෙම ඊශ්‍රායල ප්‍රහාරයට යළි ඉරානය ප්‍රතිචාර දක්වා, ප්‍රහාරයක් එල්ල කළහොත්, දෙරට අතර අර්බුදය තවත් උත්සන්න වේවි යැයි එක්සත් ජාතීන්ගේ සමහ ලේකම්වරයා බිය පළ කර ඇත.
මේ අතර විදෙස් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිචාර නොදක්වා සිටීමට ඉරානයට නොහැකි බවය. ඒ, එවිට ඉරානය බියගුලු රාජ්‍යයක් බව ප්‍රදර්ශනය වන නිසා යැයි ද පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන සෙබළු මැරිලා