
ස්වීඩන ජාතික, දේශගුණික ක්‍රියාකාරිනියක මෙන්ම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක ද වන ග්‍රේටා තන්බර්ග් ඇතුළු තවත් ක්‍රියාකාරීන් පිරිසක් ගාසා පලස්තීනුවන්ට ආධාර රැගෙන, රුවල් නැවකින් ගාසා තීරය බලා පැමිණි ස්වීඩන ජාතික, දේශගුණික ක්‍රියාකාරිනියක මෙන්ම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක ද වන ග්‍රේටා තන්බර්ග් ඇතුළු සෙසු ක්‍රියාකාරින්ට ඊශ්‍රායල හමුදාව හරස් විය.
ඊශ්‍රායල හමුදා සෙබළුන්, ග්‍රෙටා ඇතුළු පිරිස යාත්‍රා කරමින් තිබූ ‘මැඩ්ලීන්’ නමැති නෞකාව ඊජිප්තුවට සේන්දු වෙද්දී වට කළ බවත්, අත් ඔසවන්නැයි අණ කරමින්, ඊශ්‍රායල කොමාන්ඩෝ භටයන් නැවට කඩා වැදුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට බි්‍රතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ ‘මැඩ්ලීන්’ නෞකාව ඇත්තේ ඊශ්‍රායල හමුදා අත්අඩංගුවේය. නෞකාව මුදා හැරීමට වහා පියවර ගන්නැයි ඊශ්‍රායලයට බලපෑම් එල්ල වීමට ද පටන්ගෙන ඇත.
‘මැඩ්ලීන්’ නෞකාව, ගාසා තීරය බලා යාත්‍රා කරමින් සිටින්නේ, ගාසා තීරයේ පලස්තීනුවන්ට, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර වහා නවත්වන්නැයි බල කරමින්, ගාසා පලස්තීන වැසියන්ට ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ද රැගෙනය.
ග්‍රෙටා ඇතුළු ක්‍රියාකාරීන්ට සහාය දක්වමින්, මෙම පුණ්‍ය කටයුත්තට සම්බන්ධ වී සිටින්නේ පලස්තීන හිතවාදී ෆ්‍රීඩම් ෆ්ලොටිලා සන්ධානයයි. නෞකාවේ ගමනට විරෝධය දක්වන්නැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කාට්ස් එරට හමුදාවට උපදෙස් දුන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
පසුගිය ජූනි 6 වැනිදා ‘මැඩ්ලීන්’ නෞකාව, සිසිලියේ සිට යාත්‍රා කිරීම ආරම්භ කර ඇති අතර, එය ඊජිප්තු වෙරළ තීරය ආසන්නයට සේන්දු විය. ගාසා තීරය පිහිටා ඇත්තේ ඊශ්‍රායලයටත් ඊජිප්තුවටත් මැදිවය. ගාසා තීරය එක් පැත්තකින් මුහුදට සම්බන්ධ වෙයි.
2025 දෙසැම්බර් මස 16
91
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
890
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඊශ්‍රායල කමාන්ඩෝ භටයෝ ග්‍රෙටාගේ නැවට කඩා වදිති