ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට් අතරේ හටගත් මත ගැටුම්ය.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම කළේ යෝව් ගැලන්ට්ගේ අධීක්ෂණය යටතේය.
එසේ වුවත්, ඊශ්‍රායල වැසියන්ට කන් දෙමින්, යෝව් ගැලන්ට් දිගින් දිගටම සටන් විරාමයකට ගොස් හමාස් ග්‍රහණයේ ඉතිරි වූ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නැයි දිගින් දිගටම අග්‍රාමාත්‍ය නෙදන්යාහුට බල කර ඇත.
මෙය නෙදන්යාහු සහ යෝව් ගැලන්ට් අතරේ මත ගැටුමක් තෙක්දුර දිග ගිය බවත්, යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා දැමීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ බවත් පැවැසෙයි. නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඊශ්‍රායල් කාට්ස් පත් කර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි