IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඊශ්‍රායල් ‘අහස් ගුන්ඩු‘ මල් කැකුළු තලයි

ඊශ්‍රායලය එල්ල කළ ෂෙල් ප්‍රහාරයකට හසුවී මරණයට පත්වීමට ප්‍රථමයෙන් ගාසා තීරයේ වෙරළේ දුව පැන ඇවදින කුඩා දරුවන් සිව්දෙනෙකුගේ සිත කළඹවන සුළු ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කැර ඇත.

වාර්තාවන්ට අනුව ඡායාරූපය ගෙන මොහොතක ඇවෑමෙන් එල්ල වූ ෂෙල් ප්‍රහාරයකින් එම කුඩා දරුවන් තිදෙනා මරු මුවට පත්ව ඇත.

ප්‍රහාරය එල්ල වුනු ප්‍රදේශයේ වැසියන්ට ප්‍රදේශය අතහැර ඉවත් වෙන්නැයි පෙර දිනයේ ඊශ්‍රායල ආරක්ෂක අංශ දැනුම් දී තිබී ඇතැයි සදහන්ය.

ඊශ්‍රාලෙය ෂෙල් ප්‍රහාරය එල්ල කර තිඛෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මුල්වී හමාස් සංවිධානය හා ඊශ්‍රායෙලය අතර තාවකාලිකව ඇති කරගත් පැය 5 ක සටන් විරාමය අවසන්වී මිනිත්තු 20 ක් ගතවූ තැනය. ප්‍රහාරට පිළිතුරු වශයෙන් හමාස් සංවිධානය ද ඊශ්‍රාලයට රොකට් ප්‍රහාර රැසක් එල්ල කළේය.

එක්සත් ජාතීන් සටන් විරාමයක් සදහා පැමිණෙන්නැයි දෙපාර්ශවයෙන්ම ඉල්ලා තිබුණේ ගාසා තීරයේ පීඩාවට පත්ව සිටි වැසියන්ට අවැසි ආහාර හා වෙනත් ද්‍රව්‍ය සපයා ගැනීමට අවස්ථාවක් සළසා දීමේ අරමුණින්ය.සටන් විරාමය අතරතුරේ ගාසා තීරයේ වැසියෝ දින ගණනක් වසා තිබී නැවත විවෘත කර තිබූ බැංකු හා වෙළදසැල් වල පොකුරු ගැසී සිටිනු දක්නා ලදහ.

ඊජිප්තුවද දෙපාර්ශවය අතර සටන් විරාමයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බව පැවසෙන අතර එයට වැඩි කල්පැවැත්මක් තිඛෙනු ඇතැයි පැවසේ.

ඊශ්‍රායෙලය ගාසා තීරයෙන් එල්ල වන රොකට් ප්‍රහාර මැඩපැවැත්වීම සදහා භට සේනාංක ගාසා තීරයට යවා ඇති අතර ඔවුන් හා හමාස් සංවිධානයේ සාමාජිකයින් අතර දරුණු ගැටුම් ඇතිවෙමින් තිබේ.

පසුගියදා ඇතිවූ ගැටුම් වලට මැදිවී එක් ඊශ්‍රායල් ජාතිකයෙකුත්,පලස්තීන ජාතිකයින් 200 කට ආසන්න පිරිසකුත් මියගොස් ඇත.

රොකට් ප්‍රහාර වලින් ඊශ්‍රායලය ආරක්ෂා කරන බව කියන ‘‘අයන ආවරණය‘‘ (අයන් ඩෝම්) යනු කුමක්ද?

අයන් ඩෝමය ඊශ්‍රායෙල හා ඇමරිකා විද්‍යාඥයින් ගේ නිර්මානයකි.

එය අවියක් නොව ගුවන් නිරීක්ෂක පද්දතියක් යැයි පැවසීම වඩා නිවැරදිය.

ඊශ්‍රායෙල ගුවන ආක්‍රමණය කරන රොකට් ප්‍රහාරයක් වේ නම් අයන් ඩෝම් නිරීක්ෂක පද්ධතියේ ඇති සංකීර්ණ පරිගණක පද්ධතිය හා මෘදුකාංගයන් එම රොකටයේ ගමන් මාර්ගය විය හැකි ප්‍රදේශය සිතියම් ගත කරනු ලබයි.

සිතියම් ගත කිරීම සිදුවනුයේ රොකටය ගුවනේ තිබියදීමය.

අනතුරුව සිතියම් ගත කිරීම ආශ්‍රයෙන් රොකටයේ ගමන් මාර්ගය මෙය වනු ඇතැයි තීරණය කරගත් පසු ඊශ්‍රායෙලයේ එක් එක් ස්ථානයන්හි ස්ථානගත කර ඇති රොකට් විදිනයන් වෙතට එම තොරතුරු ලබා දේ.

අනතුරුව එම රොකට් විදිනයන් ගුවනේ පැමිණෙන රොකටය ඉලක්ක කර රොකට් ප්‍රහාර එල්ල කරයි.

වාර්තා වන ආකාරයට ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව ගුවනේ පැමිණෙන රොකට්ටු වලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් අයන් ඩෝමයට ඇත.

කෙසේනුමුත් එල්ල වන සියලූම රොකට් ප්‍රහාරයන් මැඩැපැවැත්වීමේ හැකියාවක් මෙම පද්ධතියට නොමැත.ඇතැම් රොකටයන් එයින් මිදී අදාළ ඉලක්ක කරා ළඟා වේ.



අදහස් (0)

ඊශ්‍රායල් ‘අහස් ගුන්ඩු‘ මල් කැකුළු තලයි

වසන්ත Saturday, 19 July 2014 07:40 PM

පලස්තීනය පටන් ගත්තා නම් දැන් ඊශ්‍රායලය ඉවර කරයි (නදී)

:       0       0

සෙනරත් Saturday, 19 July 2014 03:52 AM

පිල්ලෙලාට මේවා පෙනෙන්නේ නැහැ. ඔවුන්ට ඕනෑ ලංකාව දෙකට කඩන්න ඕනෑ විදියට පාර කපන්න (නි)

:       0       0

නුවන් Saturday, 19 July 2014 05:13 AM

ඊශ්‍රායල් ජාතිකයෝ කිසිදු හේතුවක් නැතුව සටන් කරන රටක් නෙමේ.පලස්තීනය මේක පටන් ගත්ත දැන් ඊශ්‍රායලය ඒක ඉවර කරන්න හදන්නේ.(අ)

:       0       0

දුම්මලසූරිය Sunday, 20 July 2014 04:11 AM

පිල්ලේගේ පිල්ලිය ලංකාව දාල ඊශ්‍රායලය පලස්තීනය පැත්තට හැරෙද්දී එහෙ වෙන්න ඕන දේවල් සේරම වෙලා ඉවර වෙයි. (නදී)

:       0       0

සමාධි Friday, 18 July 2014 07:22 PM

මේ වගේ දරුණු යුද්ධයක් තියෙද්දී මොන දෙමාපියන්ද දරුවන් ඔය වගේ තැනකට යවන්නේ? (නි)

:       0       0

පිටිගල Saturday, 19 July 2014 08:55 AM

ත්‍රස්තවාදීන් මර්දනය කිරීම යුගයේ අවශ්‍ය තාවයක්. යුද්ධයක් තිබෙන අවස්ථාවල දෙමාපියන් තම දරුවන් ගැන විමසිලිමත් විය යුතුයි. (නදී)

:       0       0

ශ්‍රීලාල් Friday, 18 July 2014 08:53 PM

බයනොවී ඉන්න. පිල්ලෙලා ලංකාවේ පරීක්ෂණ අවසන් වුණාම මේ රටවල් වලට යාවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 351 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2153 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site