
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දිය යුතු යැයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී පවසයි.
ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිවත්, ලෙබනනයේ ලෙබනන් වැසියන්ට එරෙහිවත් ජන සංහාර සිදු කරන බවට චෝදනා එල්ල වී ඇති ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වහා අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති අතර, ඉරාන උත්තරීතර නායකයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට මරණ දඬුවම ඉල්ලා සිටියේ ඒ අනුවය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දිය යුතු යැයි ඉරාන උත්තරීතර නායකයා අවධාරණය කරයි. ‘ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔහුට මරණ දඬුවම නියම කළ යුතුයි.’ ඉරාන උත්තරීතර නායකයා මෙසේ පැවැසුවේ, තෙහෙරාන් අගනුවර, ඉරාන විප්ලවීය හමුදාවට අයත් ‘බැසිජ්’ බලඇණියේ සෙබළුන් අමතමිනි.ඇමෙරිකාවට, බහරේනයට සහ සෞදි අරාබියට අනුව, ‘බැසිජ්’ බලඇණිය ත්‍රස්තවාදී කණ්ඩායමකි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1495
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1332
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි