IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඊශ්‍රායලයේ යළිත් කොරෝනා

රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා වැඩි පිරිසකට එන්නත් ලබා දී තිබියදී ඊශ්‍රායලයේ යළිත් වරක් කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇත. මෙම කොරෝනා රැල්ලට හේතුව 'ඩෙල්ටා' විකෘති වයිරස ප්‍රභේදය යැයි ඊශ්‍රායල සෞඛ්‍ය අංශ බිය පළ කරයි.

'ඩෙල්ටා' විකෘතිය මේ වනවිට ලොව රටවල් රැසකට ව්‍යාප්තවී ඇති අතර, ලෝක සෙඛ්‍ය සංවිධානයට අනුව, ලොවට තර්ජනයක් කළ හැකි බිහිසුණු වයිරස විකෘති ප්‍රභේදය වන්නේ ද මෙයයි. 'ඩෙල්ටා' විකෘතියේ ආරම්භය ඉන්දියාවෙනි. ඉන්දියාවේ ආසාදිතයන් සහ මරණ වැඩි කිරීමට හේතුවක් වූයේ ද 'ඩෙල්ටා' ප්‍රභේදයයි. මේ වනවිට යුරෝපා රටවල ද ඇමෙරිකාවේ ද 'ඩෙල්ටා' ප්‍රභේදය වේගයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

'කොවිඩ් 19' වයිරසයට එරෙහි එන්නත්කරණ කටයුතු ඉතාමත් සාර්ථකව සිදු කරමින් පවතින කළ රටක් ලෙස ඊශ්‍රායලය සැලකෙයි. එම සාර්ථක එන්නත්කරණය හමුවේ, මුහුණු ආවරණ පැලඳීම පවා අනිවාර්ය නොවන බව ඊශ්‍රායල සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දුන්නේ පසුගිය මැයි මාසයේය. ඊශ්‍රායල වැසියන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සමාගම සමඟ එක් වී නිපදවූ 'ෆයිසර්' එන්නතය.

ඊශ්‍රායලයේ අවුරුදු 12 ට වැඩි සියලු දෙනාට ද 'ෆයිසර්' එන්නත ලබා දීම සිදුවන අතර, පාසල් පවා යළි ආරම්භ වී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුවෙමින් පවතී. කෙසේ නමුත් මේ වනවිට නව කොරෝනා පොකුරක් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ මෙවැනි පසුබිමක් යටතේ යැයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.

ගතවුණු දින 4 දී ඊශ්‍රායලයෙන් නව ආසාදිතයන් 125 දෙනකු වාර්තා වී ඇත. එම 125 දෙනාගෙන් වැඩි දෙනකුගේ සිරුරුවලින් හමුවී ඇත්තේ 'ඩෙල්ටා' විකෘතිය යැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත.
ඊශ්‍රායල නව අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ජාතිය අමතමින් කියා සිටියේ නව ආසාදිතයන් පොකුරක් වාර්තා වී ඇති බැවින්, සෞඛ්‍ය අංශ ලබා දෙන මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙසය.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගන්නා ලෙසත්, අනිවාර්ය නොවුණත් නිවසින් පිටතට යන්නේ නම් මුහුණු ආවරණ පලඳින ලෙසත් අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. ඊශ්‍රායල සෞඛ්‍ය අංශ ද නව මාර්ගෝපදේශ හඳුන්වා දීමට සූදානම් වෙයි.

ලොව අනෙක් රටවලට පෙර, 'ෆයිසර්' එන්නත ඊශ්‍රායල වැසියන් වෙනුවෙන් ලබා ගැනීම කළේ එරට හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුය. නෙදන්යාහු එසේ කළේ 'ෆයිසර්' සමාගම සමඟ සෘජුව ගනුදෙනු කතා කර ගැනීමෙන් පසුවය.

'ඩෙල්ටා' විකෘතිය ආසාදනය වී ඇත්තේ ද 'ෆයිසර්' එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයට යැයි ඇතැම් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළත් එරට සෞඛ්‍ය අංශ ඒ බව තහවුරු කර නැත. මේ වනවිට නිපදවා ඇති ඉතාමත් සාර්ථක 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ද 'ෆයිසර්' එන්නතට හිමිවී තිබේ. මේ අතර, 'ෆයිසර්' සමාගම පවසා ඇත්තේ ලොවට තර්ජනයක් වෙමින් පවතින 'ඩෙල්ටා' වයිරස විකෘති ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශකත්තිය ඇති කිරීමට තම එන්නතට හැකියාව ඇති බවය.

ටෙල් අවීව් නුවරදීය (රොයිටර්)



අදහස් (0)

ඊශ්‍රායලයේ යළිත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site