IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඊශ්‍රායලයේ අල් ජසීරා තහනම්

ඊශ්‍රායලයේ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් ප්‍රවෘත්ති විකාශය කරන සියලු මාධ්‍ය ආයතන තහනම් කිරීමේ නව පනත් කෙටුම්පතක් ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් ‘නෙසට්’ සභාවේදී සම්මත විය.

ඒ අනුව, අල් ජසීරා ඇතුළු අරාබි පුවත් නාළිකා කීපයක් ඊශ්‍රායලයේ තහනම් කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැවැසීය.

අල් ජසීරා යනු කටාර් කේන්ද්‍රකොටගත් ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පුවත් නාළිකාවකි. හර්නියා සැත්කමකට භාජන වී රෝහලෙන් පිටවී යද්දී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කියා සිටියේ, පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් නව නීතියට අනුව වහා කටයුතු කරන බවත්, මින් ඉදිරියට ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාවට හානියක් සිදුවන ආකාරයේ පුවත් පළ කිරීමට ඉඩක් නොදෙන බවත්ය.

ඊශ්‍රායලයට අනුව, අල් ජසීරා නාලිකාව පුවත් පළ කරන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහ පලස්තීනුවන්ට වාසි වන ආකාරයටය. අල් ජසීරා පුවත් සේවය, ඊශ්‍රායලයේ තහනම් කිරීමට ඊශ්‍රායල රජය නව නීති හඳුන්වා දීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය කනස්සල්ල පළ කර තිබේ.



අදහස් (0)

ඊශ්‍රායලයේ අල් ජසීරා තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site