IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඊජිප්තු හමුදා එල්ල කළ ප‍්‍රහාරයෙන් ඉස්ලාමීය සටන්කාමීහු 20ක් මරුට

ඊශ‍්‍රායල දේශසීමාවෙහි පිහිටි සීනායි ප‍්‍රදේශයට ඊජිප්තු හමුදා සහ ජෙට් යානා ඊයේ(8) එල්ල කළ ප‍්‍රහාරයකින් ඉස්ලාමීය සටන්කාමීහු 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සීනායි අර්ධද්වීපයට උතුරින් පිහිටි ප‍්‍රදේශයේ ගමන් කරමින් තිබූ ඉස්ලාමීය සටන්කාමීන්ගේ වාහන පෙළකට ඊජිප්තු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අල් ටූමා ගැමි පෙදෙසට ඇතුළු වූ ඊජිප්තු හමුදා ත‍්‍රස්තවාදීන්ට අයත් සන්නද්ධ රථ තුනක් ද විනාශ කළ බව සීනායි අණදෙන නිලධාරියෙක් පැවැසීය. පසුගියදා ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් විසින් ඊජිප්තු-ඊශ‍්‍රායල් දේශසීමාසන්නයෙහි සේවයේ යෙදී සිටි හමුදා භටයන් පිරිසක් ඝාතනය කිරීමෙන් අනතුරුව ඊජිප්තු හමුදාව මෙම මෙහෙයුම දියත් කළේය. මේ අතර පෙරේදා රාත‍්‍රියේ හඳුනා නොගත් සටන්කාමීන් පිරිසක් සිනායි ප‍්‍රදේශයේ හමුදා මුරපොළකට ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි ඊජිප්තු හමුදා ප‍්‍රකාශකයෙක් කීයේය. ගාසා තීරයේ සිටින බෙඩුයින් සටන්කාමීන් සහ ඉස්ලාමීය අන්තවාදීන් විසින් මෙම ප‍්‍රහාර එල්ල කරන ලද බවට සැක කෙරෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඊජිප්තු නව ජනපති මොර්සිගේ මුස්ලිම් සහෝදරත්ව පක්ෂය සහ ගාසා තීරයේ සිටින හමාස් සංවිධානය අතර පවතින යහපත් සබඳතා මෙම ගැටුම්කාරී තත්ත්වය නිසා අභියෝගයට ලක් වන බව විදෙස් විශ්ලේෂකයෝ පවසති. සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයෙන් අනතුරුව ගාසා තීරයට පිවිසුම් මාර්ගය වන රෆා ප‍්‍රවේශ මාර්ගය වසා දැමීමට ඊජිප්තු රජය තීරණය කළේය. ඊශ‍්‍රායල පාලනය නොකරන පලස්තීනය බාහිර ලෝකය සමඟ සම්බන්ධ වන එකම ප‍්‍රවේශ මාර්ගය වන්නේ ද රෆා මාර්ගයයි.සටන්කාමීන්ගේ ප‍්‍රහාරයෙන් අනතුරුව වසා ඇති රෆා දේශසීමා මාර්ගය අසල සේවයේ නියුතු ආරක්ෂක භටයන්



අදහස් (0)

ඊජිප්තු හමුදා එල්ල කළ ප‍්‍රහාරයෙන් ඉස්ලාමීය සටන්කාමීහු 20ක් මරුට

ගාමිණී -කුවේට් Friday, 10 August 2012 03:30 AM

ෂෙරිෆ්, මනුෂ්‍යයෙක් මියයාම,මැරීම අපි කිසිවෙක් අනුමත නොකරන්නෙමු.එහෙත් ත‍්‍රස්තවාදීයා යනු ලොවින් තුරන් කළයුතු පිළිලයකි.මට හිතෙන විධියට මොවුන් උත්සාහ කළේ මෙම ශුද්ධවූ රමදාන් උපවාස කාලයේදී ඊශ‍්‍රායලය හා ඊජිප්තුව අතර ආරවුලක් ඇතිකිරීමටයි.එහෙත් ඊජිප්තුව කල්පනාකාරීව ක්‍රියාකළ නිසා එය වැළකින. (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 09 August 2012 03:57 PM

මට නම් හරි දුකයි. මුස්ලිම් විසිදෙනෙක්...!!(නු)

:       0       0

ශාන් Thursday, 09 August 2012 06:01 PM

අල්ලාහු අක්බර්. (නි)

:       0       0

මධු Thursday, 09 August 2012 12:52 PM

මෙහෙමවත් තුරන් වෙනවා නම් හොදයි. (නි)

:       0       0

ලක්මාල් Thursday, 09 August 2012 06:37 PM

කරන හොද තමයි ඔය පළිසන් දෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 32 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site