IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඊජිප්තු හිටපු ජනපති හොස්නි මුබාරක්ට ජීවිතාන්ත සිර දඬුවමක්

ඊජිප්තුවේ පසුගිය වසරේ මාර්තු මාසයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූ අවස්ථාවේ, ආරක්ෂක අංශ යොදවා විරෝධතාකරුවන් මර්දනය කිරීමට අණ දීමත්, ඔවුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීමත් යන චෝදනාවලට වරදකරු වූ එරට හිටපු ජනපති හොස්නි මුබාරක්ට ජීවිතාන්ත සිර දඬුවමක් නියම කෙරිණි. හිටපු මුබාරක්ගේ නඩු විභාගය පෙරේදා (2) කයිරෝ නුවරදී පැවැත්වුණු අතර පිළිකාවකින් පීඩා විඳින මුබාරක් කලින් අවස්ථාවලදී මෙන් මෙවරත් අධිකරණයට යොමු කෙරුණේ ගිලන් ඇඳ පිටින්ය. කයිරෝ අධිකරණයට 84 හැවිරිදි හිටපු ජනපති මුබාරක් රැගෙන එනු ලැබුවේ ද හෙලිකොප්ටරයක ආධාරයෙනි. අරාබි වසන්තය ආරම්භ වීමෙන් පසු, ජනතා විරෝධය මැද පසුගිය වසරේ මාර්තු මාසයේදී බලයෙන් ඉවත් වීමෙන් පසු මුබාරක් ඔහුගේ පුතුන් දෙදෙනා මෙන්ම රජයේ උසස් නිලධාරීන් කීප දෙනකු අත්අඩංගුවට ගෙන කයිරෝ අගනුවර බන්ධනාගාරයක රඳවනු ලැබුණි. ඒ පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදීය. මුබාරක් පිළිකා රෝගියකු බව හෙළි වූයේ ද එම අවස්ථාවේදීය. ඉන්පසු ඔහුට වෛද්‍ය ප‍්‍රතිකාර ලැබුණු අතර නඩු විභාග පැවැත්වෙද්දී ගිලන් ඇඳ පිටින් මුබාරක් අධිකරණයට රැගෙන එනු ලැබීය. පෙරේදා පැවැති නඩු විභාගයේදී මුබාරක්ගේ රජයේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය හබීබ් අල් අද්ලිට ද ජීවිතාන්ත සිර දඬුවම් නියම විය. මුබාරක්ගේ පුතුන් දෙදෙනාට එරෙහි නඩු තීන්දුව ඉදිරි දින කීපයේදී ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇත. ඔවුන් දෙදෙනාට දුෂණ චෝදනා රැුසක් එල්ල වී තිබේ. මුබාරක් පාලනය අවසන් වීමෙන් පසු නව ජනපතිවරයකු තෝරා ගැනීමේ අරමුණ ඇතිව පසුගියදා ඊජිප්තුවේ ජනපතිවරණයක් පැවැත්විණි. වසර ගණනකට පසු පැවැති නිදහස් ජනපතිවරණය වූයේ ද එයයි. එහි දෙවැනි වටය තව දින කීපයකින් පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

ඊජිප්තු හිටපු ජනපති හොස්නි මුබාරක්ට ජීවිතාන්ත සිර දඬුවමක්

සදා Monday, 04 June 2012 12:43 PM

අරාබි වසන්තය නෙමෙයි.......අරාබි කුණාටුව...

:       0       0

අලිබබා Monday, 04 June 2012 04:31 PM

රජකමි කෙරුවත් කලකමි පලදේ. ඇගලේ රුදිරේ කාගෙත් වැගිරේ. මේ ඔබට වගේ දුක මටද තියේ. ගිය වාරේ ඔබේ මේ වාරේ අපේ.

:       0       0

කෝලිත Monday, 04 June 2012 10:16 PM

අධිරාජ්‍යවාදින්ට අතකොළු වෙලා ජනාධිපතිලා වෙන්න යන අයට හොද පාඩම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site