IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඊජිප්තු හිටපු ජනපති මුබාරක් මරණ මංචකයේ

හෘදයාබාදයකට ලක්ව, සිහිසුන් තත්ත්වයකට ඇද වැටුණු ඊජිප්තු හිටපු ජනපති හොස්නි මුබාරක්, මරණ මංචකයේ සිටින බව එරට රාජ්‍ය පුවත් සේවා වාර්තා කරයි. මුබාරක් ‘සායනික වශයෙන්’ මියගිය ගොස් ඇති බවට ද පුවත් පළ වූ නමුත් රොයිටර් පුවත් සේවය ඊයේ (20) වාර්තා කළේ වෛද්‍යවරුන් ඔහු දිවි සුරැකුම් යන්ත‍්‍රයකට සම්බන්ධ කර තිබෙන බවය. මේ වනවිට මුබාරක්, කයිරෝ නුවර මාඞී හමුදා රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. කෙසේ නමුත් මුබාරක්ගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය යැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි. පසුගිය වසරේ පැවැති ජනතා විරෝධතා මර්දනය කිරීමට පොලිසිය යොදවා විරෝධතාකරුවන් ඝාතනය කිරීමට අණ දුන්නේ යැයි චෝදනාවලට වරදකරු වී, 84 හැවිරිදි මුබාරක් මේ වනවිට ජීවිතාන්ත සිර දඬුවමකට යටත් ව සිටී. ඔහු හෘදයාබාදයකට ලක්ව, සිහිසුන් තත්ත්වයකට ඇද වැටී ඇත්තේ ද බන්ධගාරයේ සිටිද්දීය. බන්ධනාගාර ගත කර සිටි මුබාරක්ට නිසි වෛද්‍ය පහසුකම් ලබා නොදුන් නිසා ඔහුගේ සෞඛ්‍යය දිගින් දිගටම පිරිහුණේ යැයි මුබාරක්ගේ පුතුන් දෙදෙනා ඊජිප්තු හමුද පාලකයන්ට දොස් පවරා ඇතැයි වාර්තා වේ. මූල්‍ය වංචා සහ අකටයුතුකම්වලට සම්බන්ධ වූයේ යැයි මුබාරක්ගේ පුතුන් දෙදෙනාට ද චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධ නඩු විභාග පැවැත්වේ.



අදහස් (0)

ඊජිප්තු හිටපු ජනපති මුබාරක් මරණ මංචකයේ

නිමල් Thursday, 21 June 2012 03:29 PM

ආරක්ෂිතව කටයුතු කරන්න

:       0       0

දයා සෞදි Thursday, 21 June 2012 09:52 AM

කළ කළ දේ පළ පළ දේ...

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 21 June 2012 10:04 AM

කල කල දේ ඵල ඵල දේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site