ඊජිප්තුවේ පැරණි රජ සමයට අයත් අවුරුදු 4300ක් පමණ පැරණි සිතුවම් සමූහයක් සොයාගත් බව පුරාවිද්‍යාඥයෝ කියති. ඔවුන් මේ සිතුවම් සොයාගෙන ඇත්තේ ගීසා පිරමීඩයට අඩි 1000ක් නැගෙනහිර දෙසින් කරන ලද කැණීමක දී හමුවූ පැරණි සොහානේ ගැබකිනි. එහි පාදමයැයි විශ්වාසකළ හැකි කොටසේ තිබී මේ සිතුවම් හමුවී ඇත.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ සිතුවම් ලාම්පු දැලි හා දුහුවිලි හේතුවෙන් බොහෝ දුර්වර්ණව වැසී ගොස් පැවති බවයි. ඒ සිතුවම් වලින් ඊජිප්තුවේ සිටි පැරණි පූජකයකු වූ පර්සනෙබ් නමැති අයගේ දින චර්යාවන් පෙන්වන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. බෝට්ටුවක නැගී නයිල් නදියේ යාත්‍රා කරන ආකාරයත් කුරුල්ලන් දඩයම් කරන ආකාරයත් සිතුවමට නගා ඇත. ඒ සිතුවමේ පර්සනෙබ් පූජකවරයා, ඔහුගේ බිර්‍රඳ හා බල්ලකු දැක්වෙන බව ද පුරාවිද්‍යාඥයෝ කියති.
පුරාණ ඊජිප්තු රාජධානියේ ජන ජීවිතය ගෙනහැර දක්වන මේ සිතුවම් ඉදිරි සති කිහිපයේ දී නරඹන්නන්ට දැක ගැනීමට සැලැස්වීම පර්යේෂකයන්ගේ අපේක්ෂාවයි.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊජිප්තු සංස්කෘතිය සිතුවමින් හෙළිවේ