IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඊජිප්තු ජනපතිට එරෙහි විරෝධතා උත්සන්න වෙයි

ඊජිප්තුවේ ඉස්ලාමීය ජනපති මොහොමඞ් මොර්සිට සිය ධුරයෙන් ඉවත් වන්නැයි බල කර ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඉකුත් සති අන්තයේ ඇරැඹි විරෝධතා ඊයේ (1) උත්සන්න විය.
විරෝධතාකරුවන් මර්දනය කිරීමට කැරැලි මර්දන පොලිසිය යෙදවීමට ජනපති මොර්සි ප‍්‍රමුඛ රජය පියවර ගැනීමත් සමඟ පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් හට ගැනුණි.
ගැටුම් හේතුවෙන් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 100 කට වැඩිය.
විරෝධතා පැවැත්වෙන්නේ කයිරෝ නුවර තරීර් හෙවත් නිදහස් චතුරස‍්‍රයේය. විරෝධතා සඳහා ලක්ෂ දෙකකට වැඩි පිරිසක් එක්රොක් වී සිටිති. ඔවුන් මෙහෙයවන්නේ ඊජිප්තු විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.
විරෝධතා පැවැත්වෙන්නේ මොර්සි, ඊජිප්තු ජනපති ධුරයට පත් වී වසරක් ගතවෙද්දීය.
ඒ, දීර්ග කාලයක් බලයේ සිටි හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වීමෙන් පසුවය. මොර්සි හඳුන්වා දුන් නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ නව නීති ජනතාවගේ අප‍්‍රසාදයට හේතුවක් විය. ඔහුට එරෙහි ඉකුත් වසර පුරා ද විටින් විට දැවැන්ත විරෝධතා පැවැත් විණි.



අදහස් (0)

ඊජිප්තු ජනපතිට එරෙහි විරෝධතා උත්සන්න වෙයි

විමල් Tuesday, 02 July 2013 03:03 PM

අනේ හොද ශිෂ්ටාචාරයක් තිබුන රටක්. දැන් එකිනෙකා මරාගන්නවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 690 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site