IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඊජිප්තු ගුවන් යානයක් පැහැරගනී

කයිරෝ නුවර බලා පියාසර කරමින් තිබියදී පැහැර ගැනුණු ඊජිප්තු ගුවන් යානයේ සිටි විදේශිකයන් සිව් දෙනකු හා කාර්ය මණ්ඩලයේ හත් දෙනකු හැර සියලු මගීන් නිදහස් කළ බව අලුත්ම විදෙස් වාර්තා පවසයි.


ඇලෙක්ස්සැන්ඩ්‍රියාවේ බර්ග් අල් අරාබ් ගුවන් තොටුපළේ සිට ඊජිප්තුවේ කයිරෝ බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පැහැරගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ඊජිප්තුවේ එම් එස් 181 දරණ මෙම ගුවන් යානය අද පෙරවරු 7.15ට කයිරෝ නුවරට ගොඩබෑමට නියමිතව තිබූ බව කියති.

පැහැරගැනීමට සම්බන්ධවූවකු ගුවන් නියමුවාට පවසා ඇත්තේ තමා පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් බඳ පටියක් පැළඳගෙන සිටින බවයි. 

මෙම යානයේ 80ක් පමණ සිටි බවත් අවිගත් පුද්ගලයකු කාන්තාවනට හා දරුවනට යානයෙන් පිටවීමට ඉඩදුන් බවත් ඒපී පුවත් සේවය කියයි. ඊජිප්තු එයාර් ට්විටර් ගිණුමේ සඳහන්ව ඇත්තේ යානය පැහැරගත් පුවත සත්‍යයක් බවයි.

ප්‍රාණ ඇපකරුවන්ද සමග යානය සයිප්‍රසයේ ලානකා ගුවන්තොටුපළට ගොඩබස්වා ඇතැයි එක්ස්ප්‍රස් පුවත් සේවය කියයි.

egypt-plane-2016329656299

 



අදහස් (0)

ඊජිප්තු ගුවන් යානයක් පැහැරගනී

ෂේන් Tuesday, 29 March 2016 01:54 PM

ගුවන්යානයට යන්න ඉස්සර වෙලා මීහරක්ද චෙක් කළේ (බ)

:       0       0

නලින් යහම්පත් Wednesday, 30 March 2016 11:34 AM

කෙසේ හෝ ඔහු තම අදහස ඉටුකර ගත්තා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site