දුෂණ වංචා සහ මිනීමැරුම් චෝදනා මත සිරභාරයට ගනු ලැබ සිටි ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඊයේ (21) ඇපමත නිදහස ලැබීය.
මුබාරක්ට නිදහස හිමිවුණේ, එල්ල වී තිබුණු දුෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරුවකු නොවන බව කයිරෝ අධිකරණයක් තීන්දු කිරීමෙන් පසුවය.

ඇපමත නිදහස ලැබුවත් 85 හැවිරිදි මුබාරක් තව දුරටත් නිවාස අඩස්සියේ රඳවා තැබීමට ද අධිකරණය තීන්දු කළේය. ඒ, මුබාරක්ට එරෙහිව මිනීමැරීමේ චෝදනා ද එල්ල වී ඇති නිසාය.
2010 වසරේ දී මුබාරක් ජනපති ධුරයේ සිටිද්දී, ඔහුටත් ඔහුගේ රජයටත් එරෙහිව සාමකාමී අන්දමින් විරෝධතා පැවැත් වූ විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට මුබාරක් අණ දුන්නේය. පොලිසිය සිදුකළ වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවෝ සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
2010 වසරේ සිදුවුණු රාජ්‍ය පෙරැුළියෙන් පසු, වසර 30 ක් තිස්සේ ජනපති ධුරයේ සිටි මුබාරක්ගේ පාලනය ද අවසන් විය. ජනපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු, මුබාරක් රෝගී වූයේය. ඔහුට පිළිකාවක් ඇති බව ද වෛද්‍යවරු පැවැසූහ. ඔහු අධිකරණයට ගෙන එනු ලැබුවේද ගිලන් ඇඳ පිටින්ය.
2010 වසරේ මුබාරක්ට එරෙහිව ජනතා විරෝධය ඉස්මතු වූ අවස්ථාවේදී ඔහු පොලිසිය යෙදවීම නිසා විරෝධතාකරුවෝ දහසකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. මුබාරක්ට මිනීමැරුම් චෝදනා එල්ල වූයේ ඒ අනුවය.
ජනතා විරෝධය මැද ජනපති ධුරයෙන් මුබාරක් ඉවත් වූයේ, හමුදා පාලක මණ්ඩලයක් පිහිටුවා ඊට රටේ බලය පවරා දීමෙන් පසුවය. ජනපති මොහොමඞ් මොර්සිට එරෙහිව හමුදා කුමන්ත‍්‍රණය දියත් කළේ ද එම හමුදා පාලක මණ්ඩලයයි.
2025 දෙසැම්බර් මස 18
106
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඇපමත නිදහස්