IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඊජිප්තුව අපේ සතුරෙක්වත් මිතුරෙක්වත් නොවේ

කයිරෝ නුවර ඇමෙරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට ප‍්‍රචණ්ඩකාරී ලෙස සිදුකෙරෙන විරෝධතා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා සඳහන් කළේ ඊජිප්තුව සිය මිතුරෙක්වත් සතුරෙක්වත් නොවන බවයි. ඉස්ලාම් ආගමට නිගරුවන අන්දමින් ඇමෙරිකාවේදී නිෂ්පාදනය කරන ලද චිත‍්‍රපටය සම්බන්ධයෙන් විරෝධය පෑමට දහස්ගණන් ඊජිප්තු වැසියන් පෙරේදා (12) කයිරෝ නුවර ඇමෙරිකා තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස් වී ප‍්‍රචණ්ඩකාරී ලෙස විරෝධතාවල නිරත වූහ. මේ අයුරින් කයිරෝ නුවර විරෝධතා ආරම්භ වූයේ ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට ප‍්‍රහාර එල්ල කර එහි සිටි ඇමෙරිකා තානාපති කි‍්‍රස්ටෝපර් ස්ටීවන්ස්  ඝාතනය කිරීමත් සමඟය. දිගු කාලයක් ඊජිප්තුව පාලනය කළ හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමෙන් අනතුරුව පැවැති ජනාධිපතිවරණයේදී මොහොමඞ් මොර්සි එරට පළමු ඉස්ලාමීය ජනපතිවරයා ලෙස බලයට පත් විය. ඇමෙරිකා ජනාධිපති මෙවැනි ප‍්‍රකාශක් කිරීමට හේතු වූයේ ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාරයයි. ලොව ප‍්‍රධාන පෙළේ රාජ්‍ය නායකයන් මෙම ප‍්‍රහාරය හෙළා දකිමින් ප‍්‍රකාශ නිකුත් කළ ද ඊජිප්තු ජනපති එසේ නොකර සිද්ධියට තුඩු දුන් ඉස්ලාම් විරෝධී චිත‍්‍රපටය සම්බන්ධයෙන් පමණක් අප‍්‍රසාදය පළ කිරීම මීට හේතුවී ඇති බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වාදෙති.



අදහස් (0)

ඊජිප්තුව අපේ සතුරෙක්වත් මිතුරෙක්වත් නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 720 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17964 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 772 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site