භාණ්ඩ මිල ඉහළ යෑමට විරෝධය පළ කරමින් සහ සේවක අයිතිවාසිකම් වැඩි දියුණු කරන්නැයි ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ කොංග‍්‍රස් පක්ෂ රජයට බල කරමින් ඊයේ (28) ඉන්දියාව පුරා මහා වැඩ වර්ජනයක් පැවැත්විණි. ප‍්‍රාන්ත ගණනාවක පැවැති එම වැඩ වර්ජනයට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව වෘත්තීය සමිති කි‍්‍රයාකාරීන් සහ දේශපාලන කි‍්‍රයාකාරීහු ද එක්ව සිටියහ. වැඩ වර්ජනය ආරම්භ වූයේ පෙරේදා (27) මධ්‍යම රාති‍්‍රයේ සිටය. මිලියන ගණනක් දෙනා වැඩ වර්ජනයට එක් ව සිටි බව මාධ්‍ය වාර්තා කළේය. වැඩ වර්ජනය හේතුවෙන් ඉන්දියාවේ ප‍්‍රාන්ත රැසක ප‍්‍රධාන නගර ගණනාවක ගමනාගමන කටයුතු අඩපණ විය. ව්‍යාපාරික ස්ථාන, රජයේ කාර්යාල, බැංකු සහ පාසල් ද වසා දමා තිබුණු බව ඉන්දීය පුවත් සේවා කියා සිටියේය. රජයේ දුරකතන සමාගම් සේවකයන් පවා වැඩ වර්ජනයට එක් ව සිටි අතර ඔවුන් කියා සිටියේ තම ඉල්ලීම්වලට රජය ඇහුම්කන් නොදෙන්නේ නම් දිගින් දිගටම වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගවල නියැළීමට පසුබට නොවන බවය. වැඩ වර්ජනයට ඉන්දියාවේ ප‍්‍රධාන පෙළේ වෘත්තීය සංගම් 11 ක් සහාය පළ කළේය. දූෂණ වංචා චෝදනා හේතුවෙන් අර්බුද රැසකට මුහුණ දී සිටින ඉන්දීය අගමැති මහන්මෝහන් සිංගේ රජයට මෙම වැඩ වර්ජනය හිසරදයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ”මේක සුවිශේෂී අවස්ථාවක් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රටේ ප‍්‍රධාන පෙළේ වෘත්තීය සංගම් රැසක් පළමු වරට මෙම වැඩ වර්ජනයට එක් වෙනවා. අප රජයට බල කර සිටිනවා භාණ්ඩ මිල පහළ දමන ලෙසටත් සේවක අයිතිවාසිකම් වැඩි දියුණු කිරීමට වහා කටයුතු කරන ලෙසටත්” යැයි ඉන්දීය වෘත්තීය සමිති කොංග‍්‍රසයේ මහ ලේකම් ගුරුදාස් දාස් ගුප්තා මාධ්‍ය හමුවකදී කියා සිටියේය. ”අප රජය සමඟ කිහිප වරක් සාකච්ඡුා කළා. සේවකයන්ගේ ගැටලූ ඔවුන්ට ඉදිරිපත් කළා. ඔවුන්ට ඇති තරම් කාලයක් ලබා දුන්නා. ඒත් ඔවුන් නිහඬයි. වැඩ වර්ජනයක් පවත්වනවා හැර අපට වෙන විකල්පයක් නැහැ”යි මහ ලේකම් ගුරුදාස් වැඩි දුරටත් කියා සිටියේය. ජාතික අවම වේතනයක් ලබා දෙන ලෙසටත්, කෝටි පහක කොන්ත‍්‍රාත් සේවකයන්ට ස්ථිර රැකියා ලබා දීමට කටයුතු කරන ලෙසටත් ඉහළ යන ජීවන වියදම පහළ දැමීමට කටයුතු කරන ලෙසටත් වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටියි.
මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් ප්‍රකාශ කළේ, එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදු නොවුණු බවය. මොස්කව් අගනුවරට පැමිණි තවත් ඩ්‍රෝන 19 ක් විනාශ ක
ගාසා තීරය පහර දී සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමේ සැලැස්මකට, ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව පැවැසෙයි. ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්
සිරියාවේ ජාතික රූපවාහිනී සේවය යළි ඔවුන්ගේ විකාශය කටයුතු ආරම්භ කර ඇත. ඒ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සිය ධුරයෙන් නෙරපා දමා මාස පහකට පසුවය.
දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය මුල්කොට ගනිමින්, ඉන්දියාව සමග අර්බුදයක් ඇතිකරගෙන සිටින පාකිස්තානයට එක්සත් ජාතීන්ගේ ආරක
ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ රන් පතලකින් මළසිරුරු 13 ක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
පාකිස්තානය අතීතයේ ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය මෙන්ම අනුග්‍රහය ද ලබා දුන් බව පාකිස්තානයේ හිටපු විදෙ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඉහළ යන බඩු මිලට විරෝධය පා ඉන්දියාවේ මහා වැඩ වර්ජනයක්