ඉස්ලාමීය සහයෝගිතා සමුළුව පෙරේදා (6) ඊජිප්තුවේ කයිරෝ නුවරදී ආරම්භ වූ අතර, ඊට සහභාගී වූ මුස්ලිම් රටවල නායකයන්ගේ වැඩි අවධානය යොමු වූයේ සිරියානු අර්බුදය කෙරෙහිය.
සමුළුව පැවැත් වූ කයිරෝ අගනුවරට විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාවක් ලබා දී තිබුණු බව ද වාර්තා විය. සමුළුවට සිරියානු කැරැලිකරුවන් සහ විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් නියෝජනය කරමින්, විපක්ෂ නායක මෝසා අල්කටීබ් සමුළුවට සහභාගී වූයේය.
වසර දෙකක් තිස්සේ දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය විසඳීමට ඉරානය සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත්, සාකච්ඡා කර බලයෙන් ඉවත් වන්නේ නම් සජනපති බෂීර් අල් අසාද්ගේ ආරක්ෂාව ගැන වගබලා ගන්නා බවත් සිරියානු විපක්ෂ නායක අල්කටීබ් යළිත් වරක් අවධාරණය කළේය.
සිරියාවේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් 67,000 කට වැඩි පිරිසක් ජීවත්ක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
ඉරාන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් ඊජිප්තුවට පැමිණියේ ඉකුත් පස් වැනිදාය. ඊජිප්තු ජනාධිපති මොර්සි විසින් ඔහු ඉමහත් හරසරින් පිළිගනු ලැබුණි. 1979 වසරේ පැවැති ඉස්ලාම් විප්ලවයෙන් පසු වසර 34 කට පසු ඊජිප්තුවට පැමිණි පළමු ඉරාන ජනපතිවරයා වන්නේ අහමදිනෙජාද්ය.
![]() |
සමුළුවට සහභාගි වු මුස්ලිම් රාජ්‍ය නායකයෝ |
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉස්ලාමීය සහයෝගිතා සමුළුවේ වැඩි අවධානය සිරියානු අර්බුදයට
ඩොන් Friday, 08 February 2013 02:25 PM
මුස්ලිම් ජනතාවට ජය වේවා! (නි)
උදය Monday, 11 February 2013 12:59 AM
තමුන් ගැන විතරක් හිතලා තීරන ගන්න ජාතියක් හෝ ආගමක් මොන ගැට දැමිමත් විනාශ වෙනවා.(නදී)
රුවන් Friday, 08 February 2013 09:48 PM
තෙල් තියෙනකල් ජය වේවා !(නදී)