
හිජාබය පැලඳීම සම්බන්ධයෙන් පවතින දලදඬු නීතියට එරෙහිව, උතුරුදිග ඉරානයේ ආරම්භ වුණු ජනතා විරෝධතා දිනෙන් දින උත්සන්න වන බවත්, කලහකාරීව හැසිරෙමින්, ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වුණු විරෝධතාකරුවන් 450 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්වුණු බවත් ඉරාන රජය පවසයි.
මෙම 450 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය දින 10 ක කාලය පුරාවට යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉරානයේ මෙසේ විරෝධතා ආරම්භ වූයේ, නිසි ලෙස හිජාබය නොපැලඳ සිටියේ යැයි හිජාබය නිසි ලෙස පැලැඳ නොසිටි බවට චෝදනා කරමින් පොලිස් අත්අඩංගුවට ගත් ඉරානයේ කුර්දි තරුණියක මියයෑමේ සිදුවීමකි.
කුර්දි තරුණියගේ මරණය සම්බන්ධයෙන් කඩිනමින් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීමට තමන් උපදෙස් දුන් බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසී විරෝධතාකරුවන්ට දන්වා තිබේ.
ඊට අමතරව, රට අස්ථාවර කිරීමෙන් වළකින්නැයි ද විරෝධතාකරුවන්ට ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමක් ද කර තිබේ. විරෝධතාකරුවන් මර්දනයට ඉරාන කැරැලි මර්දන හමුදාව යොදවා ඇති බවත්, ඔවුන් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට වෙඩි තබන බවත් බටහිර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
474
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2223
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරාන විරෝධතාකරුවන් 450 ක් පොලිස් අත්අඩංගුවේ