ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණ දීමට තමන්ට ශක්තියක් ඇති බව ලොවට පෙන්වීමේ අරමුණින් ඉරාන නාවික හමුදාව පෙරේදා (24) හෝමූස් සමුද්‍ර සන්ධියේ දස දින නාවික අභ්‍යාසයක් ආරම්භ කළේය. මැද පෙරදිග තෙල් ප‍්‍රවාහන කටයුතු බහුලව සිදුවන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය සහ ඒඩන් බොක්ක ආශි‍්‍රතවය. බටහිර රටවල් ඉරානයට එරෙහිව කිසියම් අවස්ථාවක යුදමය කි‍්‍රයාමාර්ගයකට එලැඹුණහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන්ට හැකියාව ඇතැයි ලොවට ප‍්‍රදර්ශනය කිරීම එම යුද අභ්‍යාසයේ අරමුණ යැයි ඉරානය පවසයි. ඉරාන හමුදාව, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ලෝකයේ තෙල් ප‍්‍රවාහන කටයුතුවලින් සියයට 30 කට වැඩි ප‍්‍රමාණයක් අඩපණ වනු ඇතැයි ද වාර්තා වේ. ඉරානය ඔවුන්ගේ නාවික අභ්‍යාසය නම් කර තිබෙන්නේ ‘වෙලායෙට් ඊ 90’ නැතහොත් ‘ශ්‍රේෂ්ඨත්වය’ යනුවෙනි. ගොඩබිම සිට සාගරයට විදිය හැකි දිගු දුර සහ කෙටි දුර මිසයිල අත්හදා බැලීම්, ප‍්‍රහාරක නාවික යාත‍්‍රා සහ නවතම සබ්මැරීන අත්හදා බැලීම ද එම යුද අභ්‍යාසයේදී සිදු කෙරෙන බව නාවික හමුදා ප‍්‍රධානී හයිබුල්ලා සයාරී පවසයි. නාවික අභ්‍යාසය පැවැත්වෙන දින දහයේදී හෝමූස් සමුද්‍ර සන්ධිය වසා නොදැමෙන බවත් සමුද්‍ර සන්ධියේ නැව් ගමනා ගමන කටයුතුවලට කිසිදු බාධාවක් නොවනු ඇති බවත් සයාරී වැඩි දුරටත් කියා සිටියි. ඇමෙරිකාව බි‍්‍රතාන්‍ය වැනි බටහිර රටවල් සහ ඊශ‍්‍රායලය ඉරානයට පහර දෙන බවට අනතුරු ඇඟවීම් කර ඇත්තේ ඉරානය පරමාණු බෝම්බ නිපදවන බවට චෝදනා කරමින්ය.
2025 දෙසැම්බර් මස 18
239
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
980
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරාන නාවික හමුදාව හෝමූස් සමුද්‍ර සන්ධියේ යුද අභ්‍යාසයක් අරඹයි