IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉරාන තහංචි සැර බාල කරයි

වසර ගණනාවක් පුරාවට ඉරානයට බලපැවැත්වුනු ආර්ථික සම්බාධක ලිහිල් කිරීමට ලෝක බලවතුන් වන ඇමරිකාව, යුරෝපා සංගමය, චීනය හා රුසියාව ඊයේ (14) ඔස්ටි‍්‍රයාවේ වියානා නුවර හමුවකදී තීරණය කළහ.

න්‍යෂ්ඨික අවි සම්බන්ධ පර්යේෂණ කරන බවට චෝදනා නැගුණු හෙයින් මෙසේ ඉරානයට සම්බාධක පැනවීම සිදුවුණු අතර සම්බාධක ඉවත් කිරීමට නම් න්‍යෂ්ඨික කටයුතු සම්බන්ධයෙන් ඉරානය කි‍්‍රයාත්මක කර තිබෙන පර්යේෂණයන් විමර්ෂණය කිරීමට අවස්ථාව ලබාදිය යුතුයැයි බටහිර පැනවූ කොන්දේසියද නොපිළිගැනීම නිසා ඉරානයට සිදුවූයේ තව තවත් සම්බාධක වලට මුහුණදීමටය.

සම්බාධක වල බලපෑම නිසා එරට ආර්ථික ක‍්‍රමයෙන් කඩාවැටීමට පටන් ගැනුනි.සාකච්ඡා මාර්ගයෙන් ගැටලූව විසදා ගැනීමට ඉරානය අවතීර්ණ වූයේ ඒ සමගය.

සම්බාධක ඉවත් කර ගැනීමට ඉරානය ඉදිරිපත් කළ ප‍්‍රබලම තර්කය වූයේ අයිඑස් වැනි අන්තවාදී සංවිධාන හා සටන්වැදීමට දැන් ඉරාන ආරක්ෂක අංශ වලට සිදුව ඇති හෙයින් ඒ සදහා අවැසි අවි හා උපකරණ ආදිය ලබාගැනීමට පරිසරය සකස් වී තිබිය යුතු බව යන්නයි.ඉරානයේ මෙම අදහස චීනය හා රුසියාවද පිළිගත්හ.

ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් වීමත් සමග වැඩි වාසි සැළසෙන්නේ මෙම රටවල් දෙකට බව වාර්තා කරන විදෙස් මාධ්‍ය රුසියාව දැනටමත් එරට නිපදවන ගිනි අවි ආදිය ඉරානයට විකිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව සඳහන් කරයි.

අනෙක් රටවල්ද ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් කරනවා හා සමගම තම තමන්ට ලැබෙන වාසි ගැන සළකා මේ තීරණය ගෙන ඇති බවක් පෙනෙන බව විචාරක මතයයි.ආපසු වතාවක් මැදපෙරදිග ගැටලූවකට මැදි වීමට ඔන්න මෙන්න සිටියදී ඉරානයේ සුභවාදී ප‍්‍රතිචාරය නිසාම ඇමරිකාව ඉන් ගැලවීගත් බව පවසන ඔවුන් මෙය ඇමරිකා ජනපති බැරක් ඔබාමාට මහත්ම අස්වැසිල්ලක් වනු ඇතැයිද කියයි.

බි‍්‍රතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරන් ඉරානය බටහිර හා අවසානයේ සහයෝගීතාවයකට එළැඹීම අර්ථ දක්වා ඇත්තේ ඓතිහාසික මොහොතක් ලෙසය.

මානව සංහතියේ උන්නතිය වෙනුවෙන් රටවල් එකතුවීමක් ලෙස ඉරානය හා බටහිර අතර ඇතිව තිබෙන මිත‍්‍රත්වය හඳුන්වාදෙන අය බොහෝය.නමුත් ඇතැමෙක් මෙය දකින්නේ ඉදිරියේ එන විපත්තියක ආරම්භයක් ලෙසය.

ඊශ‍්‍රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අදහස් දක්වමින් පවසන්නේ ටෙහෙරානයට දැන් බයසැක නැතිව න්‍යෂ්ඨික අවි නිපදවන්නට අවසරය ලැබී තිබෙන බවය.මහා පරිමාන ත‍්‍රස්ත ප‍්‍රහාරයක්  මෙවර න්‍යෂ්ථික බෝම්බ පිපිරීමක් සමගම සිදුවුවහොත් ඊට වගකිව යුතු වන්නේ 2015 ජූලි මස 14 වැනි දින වියානා හමුවට එක්වූ ලෝක බලවතුන් බව ඔහු කියයි.

2A83BD9000000578-3160393-image-a-5_1436875524273 2A83C0EC00000578-3160393-image-a-6_1436875618949 2A85A5CD00000578-3160393-image-a-13_1436881307848 2A87C7A100000578-3160393-image-a-38_1436903491023 2A856E2000000578-3160393-image-m-2_1436874853089



අදහස් (0)

ඉරාන තහංචි සැර බාල කරයි

මොහාන් Thursday, 16 July 2015 01:01 AM

ආනන්ද සිංගප්පූරුවෙ ලී ක්වාන් යූ, මැලේසියාවෙ මහතීර් මොහොමොඩ් ගෙනිච්චෙත් ඔයා ඔය කියන ඒකාධිපති ක්‍රමය තමයි. වෙනසකට තිබ්බෙ ඒ රටවල ඔය වගෙ මන්ද මානසික බටහිර ගැති වහල්ලු නැතිවීම. (ස)

:       0       0

චරිත Wednesday, 15 July 2015 09:24 AM

අනිත් මැද පෙරදිග රටවලට වගේ ඉරානෙටත් ඇමරිකන් හමුදාවේ සාමය ගෙන්න මෙයාලා ගොඩක් මහන්සි වෙනවා. (ම)

:       0       0

චතුරි Wednesday, 15 July 2015 12:21 PM

නාමල් ඉංග්‍රීසි කියවන හැටි පැහැදිලියි එයාගේ අදහස් වලින්. ඇමරිකාව ඇතුළු බටහිර සිරියාවට ගහලා ජනාධිපතිව ඉවත්කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී රුසියාවයි ඒක නැවැත්තුවේ. පස්සේ තමා බටහිරට තේරුනේ සිරියාවේ අභ්‍යන්තර ගැටුම් පිටුපස කවුද ඉන්නේ කියලා.බටහිර හොඳ දේවලුත් තියනවා නරක දේවලුත් තියනවා (නි)

:       0       0

නාමල් Wednesday, 15 July 2015 10:05 AM

සමහරු මෙතැන ඉරානය හා ඊශ්‍රායලය ගැන මෙලෝ දෙයක් නොදැන කියවනවා... ඊශ්‍රායලය කියන්නේ මැදපෙරදිග තියෙන ප්‍රජාතන්ත්‍රවාදීම රටක්... ඉරානය වගේ ඒකාධිපති රාජ්‍යක් නෙමේ.. මුලු මැද පෙරදිගම නීතිය හා සාමය රැකිල තියෙන්නේ එහි තියෙන ඇමරිකානු කදවුරු නිසා... නැතිනම් මැද පෙරදිගම එකල ලේ විලක්.. ඉරානයට තහංචි ඉවත් කලේ ඉරානය තමුන් කවදාවත්ම න්‍යාශ්ටික ආයුධ නොහදන බවට බටහිරත පොරොන්දු වූ නිසා.. නැතිව බටහිර ඉරානයට බයවූ නිසා නොවේ... පොඩ්ඩක් ඔය හිතේ තියෙන මෝඩ බටහිර විරෝධය පැත්තකින් තියලා ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන ලෝකය කියෙව්වොත් හොදයි... (ස)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 15 July 2015 07:01 AM

මැද පෙරදිග රටක් වන ඊශ්‍රාලයට හැකිනම් නෂ්ටික බෝම්බ හදන්න , ඇයි වෙන රටාලට බැරී ? එය ඇමරිකානු ගැතී නිසාද ? කොහොම නෂ්ටික ආයුධ ලෝකෙට හොඳ ඒවා නොවේ (බ)

:       0       0

නාමල් Thursday, 16 July 2015 03:19 PM

ගඩාෆිගේ කාලේ රට මාර දියුනු නිසා වෙන්නැති මිනිස්සු ආයුධ අරන් ගඩාෆි එලවන්න පාරට බැස්සේ.. දියුණුව කියන්නේ ගොඩනැගිලි විතරක්ම නෙමේ..(හේ)

:       0       0

සුදත් Thursday, 16 July 2015 03:25 PM

සදාම් කල අපරාධ ගනන සුලු වෙන්නේ කොහොමද? ඔහු විෂ වායු ප්‍රහාරයකින් කුර්දි ජනයා 10000 පමන මරලා තියෙනවා.. 1982-88 කාලයේ ඉරානය සමග යුද්ධයකට ගිහින් තව ලක්ෂ ගනනක් මැරුවා.. රට ඇතුලේ තමන්ගේ 'බාත් පක්ශය' විවේචනය කළ අය කීදාහක් ඝාතනය කලාද සංඛ්‍යාලේඛනත් නෑ...(හේ) ගඩාෆි, සදාම්, අසාද් වැනි ඒකාධිපතියන් ලෝකයට අවශ්‍ය නෑ.. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යනි එක්වී ඔවුන්ව බලයෙන් පහකල යුතුයි.. එතකොට තමා අපේ රටවල්වලත් 'ඒකාධිපතියන් වෙන්න සිහින දකින' දේශපාලඥයින් හැදෙන්නේ...

:       0       0

සිල්වා Wednesday, 15 July 2015 10:25 AM

දැන් අපිට පුළුවන් ඉරානය සමග තෙල් සහා තේ ගනුදෙනුව කරන්න ඒ තුලින් රටවල් දෙකට ලොකු වාසියක් ගන්න පුළුවන්. ඒ වගේම මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපිත වීම ලොකු දෙයක් ඉරානයට ලොකු තෙල් සම්පතක් තිබෙන රටක් පසුගිය වකවානුවේ ආර්ථිකය කඩා වැටි රට තුල අර්බුද මතු වුවේ දේශපාලන ස්ථාවරය බිද වැටීමෙන් නිසාය. (ම)

:       0       0

කල්ප Wednesday, 15 July 2015 10:30 AM

නාමල් සිරියාව ඉරාකය ඇතුළු මුළු මැද පෙරදිගම මාර සාමයක් තියෙන්නේ අරාබි වසන්තයක් තියෙන්නේ (ඊජිප්තුවට වසන්තය ටිකක් හරිගියා ) අයි එස් අයි එස් එක මාර සමයක් ඇතිකරලා තියෙන්නේ හරියට කේතුමතී නුවර වගේ .ඔයාගේ දැනුම ගොඩයි . (ස)

:       0       0

බටු Wednesday, 15 July 2015 10:32 AM

ඉරානය එක්ක හැප්පුනොත් මරානය තමා කාටත් නාමල් එ්ක තේරුම් ගන්න !!! (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 15 July 2015 07:22 AM

මෙයාලට දැන් තේරෙනවා ඇති ඉරානෙත් එක්ක හැප්පෙන්න බැරිබව.(ම)

:       0       0

කල්ප Wednesday, 15 July 2015 01:11 PM

ඉංග්‍රීසියෙන් විතරද ලෝකය දකින්න පුළුවන්? ඉංග්‍රීසි බැරි රුසියාව ,ජපානය ,ඉතාලිය ,රුසියාව වගේ රටවල් වල මිනිස්සු තොරතුරු දන්නේ නැද්ද? (නි)

:       0       0

සුදත් Wednesday, 15 July 2015 01:25 PM

නාමල්ගෙ කොහොම වෙතත් චතුරිගේ දැනුමෙ තරම පේනවා.. සිරියාවෙ හිටියෙත් ලිබියාවෙ වගේම එ්කාධිපතියෙක් ඔහුට විරුද්ධව නැගිට්ටෙ ඒ රටේම මිනිස්සු... ඊට පස්සේ වුනේ නිරායුධ මිනිස්සු අතේ තිබ්බ අරගලය IS වගේ ත්‍රස්ථ සංවිධාන විසින් 'හයිජැක්' කිරීම... රුසියව සිරියාවේ ජනාධිපතිට උදව් කලේ සිරියාවේ තෙල්ටික 'ගෑස්ප්‍රොම්' නම් රුසියාවේ රජයේ තෙල් සමගමට විකුනන නිසා...(ස)

:       0       0

චරිත Thursday, 16 July 2015 12:15 PM

බටහිර අත පෙවීමෙන් ලිබියාවේ ඉරාකයේ සිරියාවේ ඇෆ්ගනිස්ථානයේ සිදු වෙච්ච හොද නරක දැන ගන්න නම් ගඩාෆි සදාම් හුස්සෙන් ලගේ කාලේ රටේ ආර්ථික තත්වය, අද තත්වය එක්ක සංසන්දනය කරලා බලන්න. අද ඒ රටවල් කොච්චර විනාශ වෙලාද කියල තේරේවි. (ස)

:       0       0

මාපලගම පත්මා Thursday, 16 July 2015 06:35 AM

මොහාන්, සිංගප්පුරුවේ ලි ක්වාන් යු, මලයාසියාවේ මහතීර් ලංකාවේ වගේ ජාතිවාදය සහ ආගම් බේද නතර කරලා සියලු ජාතින් අතර සහයෝගයත්, සියලු ජාතීන්ට සහ ආගම් වලට එකම නිදහසත් දුන්නා. එනිසා එම රටවල අපේ වාගේ ජාතිවාද හෝ ආගම් වාදී සටන් නැහැ. ලංකාවේ බහුතරය බොහෝ ජාතිවාදී සහ ආගම් වාදී අයයි. එනිසා අනික ජාතින් සහ ආගම් එක්ක සහයෝගයක් නෙති කමින් මේවා සිදුවන්නේ , එමරටවල විවිද ජාතින් විවිද ආගම් , සමසේ එකම නිදහස බුක්ති විඳිනවා (නදී)

:       0       0

චරිත Thursday, 16 July 2015 12:24 PM

හැම රටක්ම එකම විදියට පාලනය කරන්න බැහැ. අද ඒ රටවල් වල සිදුවෙන අපරාධ දිහා බැලුවහම ගඩාෆි සදාම් හුසේන්ලා ඒකාධිපතිකමින් කළ අපරාධ ගණන ඉතා සුලුයි. ඒ කාලයේ ඒ රටවල් ආර්ථික සමාජීය අධ්‍යාපනික වශයෙන් හුගක් දියුණුයි. හොයලා බලන්න ඇත්තද කියලා.... (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 15 July 2015 08:26 PM

ලිබියාවේ ගඩාපි . ලිබියාවේ බෂීර් අල් අසාද් , ඉරාකයේ සදාම් හුසේන් , තව ඊජිප්තුවේ මුබාරක් , ටුනිසියාවේ ජනාදිපති , සහ ලංකාවේ මහින්ද එකම විදියේ පාලන ක්‍රමයක් කරේ , ඒ කියන්නේ ඒකාධිපති ක්‍රමය , ඔවුන් කෙසේ ඉවත් කිරීම වෙන රටකින් හෝ ලොකු දෙයක් , (ස)

:       0       0

නිපුන් Thursday, 16 July 2015 04:07 AM

නොදන්න දේවල් කතා කරන්න එපා මොහාන්.. සිංගප්පූරුවේ, මැලේශියාව හදපු රාජ්‍ය නායකයෝ තමන්ට එකඟ නොවෙන මිනිස්සු බුරුතු පිටින් මැරුවේ නෑ... රටේ සම්පත් හූරගෙන කාල මාලිගා හදාගත්තෙ නෑ.. ඔවුන් රට දියුණු කරන කම් යම්කිසි තද පාලනයක් ගෙන ගියත් ඊටපස්සේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදුන්නා..(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site