IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉරාන ජනපතිට හවානා සරසවියෙන් ගෞරව උපාධියක්

ලතින් ඇමෙරිකා රටවල සංචාරය කරන ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් පෙරේදා (11) කියුබාවට පැමිණි අවස්ථාවේදී හවානා විශ්ව විද්‍යාලයෙන් ඔහුට ගෞරව උපාධියක් පිරි නැමීය. ජනවාදය ලෝකයෙන් තුරන් වී යන බවත් නව මුහුණුවරකින් යුත් සමාජ සාධාරණය මත ගොඩනැගුණු නව සමාජ ක‍්‍රමයක් ලොවට දැන් අවශ්‍ය වී ඇති බවත් හවානා විශ්ව විද්‍යාලයේ සිසුන් අමතමින් ජනපතිවරයා විශේෂ දේශනයක් ද පැවැත්වීය. ලෝකයේ අසාධාරණයට ලක් වෙමින් සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට යුක්තිය සහ සාධාරණය ලබා ගැනීම විශාල අභියෝගයක් යැයි ඉරාන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. වෙනිසියුලාවේදී හියුගෝ චාවේස්ගෙන් මෙන්ම කියුබා නායක රාවුල් කස්ත්‍රෝගෙන් ද ඉරාන ජනාධිපතිවරයාට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබුණි. එම අවස්ථාවේදී ඉරාන-කියුබා මිත‍්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීමට තමන්ට හැකිවූ බව ජනාධිපති අහමදිනෙජාද් කියා සිටියේය. කියුබාවේ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමට න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට ඉරානයේ සහාය ලබාදීමට ද ජනාධිපති අහමදිනෙජාද් පොරොන්දු වූයේය. බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් න්‍යෂ්ටික වැඩසටහනක් ඇරැඹීමට කියුබාවට පූර්ණ අයිතියක් ඇති බව ඉරාන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.



අදහස් (0)

ඉරාන ජනපතිට හවානා සරසවියෙන් ගෞරව උපාධියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 238 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site