IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජනාධිපතිවරයා ඉරාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ඉරානය, මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඊශ්‍රායලයට පහර දීමක් කළේ පසුගිය 13 වැනිදාය. මෙය ඉරානය, සෘජුව ඊශ්‍රායලයට එල්ල කළ පළමු ප්‍රබල ප්‍රහාරයයි.

ප්‍රහාරය වළක්වා ගැනීමට ඊශ්‍රායලයට හැකියාව ලැබුණු අතර, ඊශ්‍රායලය පවසා ඇත්තේ ‘සුදුසු වෙලාව’ උදා වූ සැණින්, ඉරානයට ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන බවය. ඉරාන ජනාධිපති රයිසි, ඊට ප්‍රතිචාර දෙමින් පවසා ඇත්තේ, ඊශ්‍රායලය එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට මුහුණ දෙන්න ඉරානය සූදානම් බවය.

ඉරානය මෙසේ ඊශ්‍රායලයට පහර දීමක් කළේ පසුගිය අප්‍රේල් පළමු වැනිදා ඊශ්‍රායලය, සිරියාවේ ඩමැස්කස් අගනුවර, ඉරාන කොන්සල් කාර්යාලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට පලිගැනීමක් ලෙසය.

හටගත් අර්බුදකාරී තත්ත්වය තවත් ඔඩුදුවන්න නොදී සමතයකට පත් කර ගතයුතු යැයි රුසියන් ජනාධිපති පුටින්, ඉරාන ජනාධිපති රයිසිගෙන් ඉල්ලීමක් කළේය. රුසියාව සහ ඉරානය අතරේ යහපත් සබඳතා පවතී. රුසියාව සහ ඉරානය අතරේ යහපත් සබඳතා වර්ධනය කිරීමට හේතුවක් වී ඇත්තේරුසියාව සහ ඉරානය ඇමෙරිකා විරෝධීන් වීමය. ඇමෙරිකාවෙන් රුසියාවටත් ඉරානයටත් සම්බාධක පැනැවීම් සිදු කර ඇත.

ඉරාන ඊශ්‍රායල අර්බුදය, ලෝක යුද්ධයක් තෙක් වර්ධනය වුවහොත්, ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ බටහිර රටවල් ඊශ්‍රායලයට සහාය දක්වද්දී, රුසියාව, චීනය, උතුරු කොරියාව ආදී රටවල් සෘජුව හෝ වක්‍රව ඉරානයේ සහායට පැමිණෙනු ඇත. එවැනි ලෝක යුද්ධයක් හටගත්තොත්, එය න්‍යෂ්ටික යුද්ධයකින් අවසන් වනු ඇති බවට යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයෝ බිය ඵළ කරති.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්

Sudu madusanka Prasad Saturday, 26 October 2024 02:42 PM

නියමයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site