IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉරානය විසින් අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය යාත්‍රාව නිදහස් කරයි

 

පසුගිය ජූලි මාසයේදී ඉරානය විසින් අත්අඩංගුවට ගත් ස්ටෙනා ඉම්පෙරෝ නම් යාත්‍රාව නිදහස් කර ඇතැයි වාර්තා වේ. 

ඉරානයේ බණ්ඩා අබ්බාස් වරායෙන් නෞකාව පිටත් වී ඇති අතර මේ වනවිට එය එක්සත් අරාබි එමිරේට්ස් හි ඩුබායි නගරය බලා ගමන් කරන බව බලධාරීහු පවසති.

බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාව ඉරානය හා බ්‍රිතාන්‍ය අතර ඇතිවූ නොසන්සුන්තාවයක් හේතුවෙන් පසුගිය ජූලි 19 වැනිදා හෝම්ස් සමුද්‍ර සංධියේදී ඉරාන නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉරාන මුහුදු ප්‍රදේශයෙන් ඉවත් වූ පසු යාත්‍රාව දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ඩුබායි වෙත ගෙන ඒමට සැලසුම් කර ඇතැයි එහි හිමිකරු පවසයි.

නෞකාවේ කාර්ය මණ්ඩලයේ සිටි 23 දෙනාගෙන් 7 දෙනකු මීට පෙර ඉරානය විසින් නිදහස් කරන ලදී.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

ඉරානය විසින් අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය යාත්‍රාව නිදහස් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site