IMG-LOGO

ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයෙක් කාර් බෝම්බයකින් මරුට

ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථානය අසල පුපුරා ගිය කාර් බෝම්බයකින් තරුණ ඉරාන විද්‍යාඥයකු ජීවිතක්ෂයට පත්වූ බව ෆාර්ස් නිව්ස් ඒජන්සිය කියා සිටී. මියගිය න්‍යෂ්ටික විද්‍යාඥයා මොස්ටාෆා අහ්මඩි - රොෂාන් (32) ලෙස හඳුනාගෙන ඇති අතර, එම බෝම්බය ඔහුගේ වාහනයට සවිකර තිබූ බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත. තෙල් කර්මාන්ත කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන මොස්ටාෆා ඉරානයේ ”නටාන්ස්” යුරේනියම් බලාගාරයේ අවශ්‍යතාවයක් සඳහා පැමිණ ආපසු වාහනය වෙත යාමේදී මෙම බෝම්බය පුපුරා ගොස් ඇතැයි වාර්තාවෙයි. මෙම බෝම්බය චුම්බක වර්ගයේ බෝම්බයක් බවත්, මීට වසරකට පෙර මෙවැනිම ආකාරයෙන් න්‍යෂ්ටික විද්‍යාඥයකු මරා දැමීම ගැන සිහිපත් වන බවත්, ඉරානයේ නියෝජ්‍ය ආණ්ඩුකාර සෆරාලි බරාට්ලූ උපුටා දක්වන ෆාර්ස් නිව්ස් ප‍්‍රවෘත්ති ඒජන්සිය පැවැසීය. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ රියට බෝම්බය සවිකරන අයුරු තමා දුටු බවත්, බිය නිසා ඒ බව වගකිවයුත්තන්ට දැන්වීමට මැලි වූ බව, බෝම්බය පුපුරා යාමේ සිද්ධිය ඇසින් දුටු අයෙකු පැවැසීය. මෙම වාහනය තුළ සිටි එක් අයෙකු මියගිය අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා ඇතැයි වාර්තාවෙයි. මෙම බෝම්බ සිද්ධිය ගැන ඊශ‍්‍රායලයේ, බි‍්‍රතාන්‍යයේ හා ඇමෙරිකාවේ බුද්ධි අංශවලට, ඉරානය චෝදනා කර සිටී. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ප‍්‍රධාන පුද්ගලයන් මරා දැමීම  ඔවුන්ගේ අරමුණ වී ඇතැයි ඉරානය එම රටවලට දොස් පවරයි. බෝම්බය පුපුරා ගිය ස්ථානය



අදහස් (0)

ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයෙක් කාර් බෝම්බයකින් මරුට

ශෂික Thursday, 12 January 2012 10:35 AM

ඇමෙරිකාවේ වැඩක්

:       0       0

ධම්මිකා Thursday, 12 January 2012 10:47 AM

ඇයි ඇමෙරිකාවට ඔච්චර බය?

:       0       0

රංජිත් Thursday, 12 January 2012 12:06 PM

බටහිරින් ඉරානය බේරා ගන්න ආසියාව පෙරමුණ ගත යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 126 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site