IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉරානයේ න්‍යෂ්ටික කටයුතු අඩපණ කරන්න ඇමෙරිකාව පරිගණක වයිරස හදලා

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් වේවි යැයි බිය වූ හිටපු ඇමෙරිකා ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, ඔහුගේ පාලන සමයේදී, අන්තර් ජාලය හරහා එම න්‍යෂ්ටික කටයුතු අඩපණ කිරීමට සංකීර්ණ පරිගණක වයිරස නිර්මාණය කිරීමට උපදෙස් දුන් බව ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි. න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කරමින් මැද පෙරදිග අර්බුදයක් ඇති කිරීම වෙනුවට අන්තර් ජාලය හරහා සංකීර්ණ පරිගණක වයිරස යවා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ පරිගණක සියල්ල අකි‍්‍රය කිරීම හිටපු ඇමෙරිකා ජනපති බුෂ් සහ ඔහුගේ පරිගණක විශ්ලේෂකයන්ගේ සැලැස්ම වී තිබේ. 2008 වසරේ දී බුෂ්ගෙන් පසු ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් බැරැක් ඔබාමා ද 2009 වසරේ දී එම පරිගණක වයිරස සැකසීමේ වැඩසටහන තවත් ඉදිරියට ගෙන යෑමට පියවර ගෙන තිබේ. එම වයිසර හේතුවෙන් අවස්ථා කීපයකදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට බාධා සිදුවූ බව ඉරානය ද පවසා තිබේ. මේ වනවිට ලෝකයට තර්ජනයක් වී ඇති පරිගණක වයිසරය නිපදවා ඇත්තේ ද ඇමෙරිකාවයි. ඒ, ඉරානයේ සහ මැදපෙරදිග රටවල රාජ්‍ය රහස් පිටපත් කර ගැනීමේ අරමුණ ඇතිවය.



අදහස් (0)

ඉරානයේ න්‍යෂ්ටික කටයුතු අඩපණ කරන්න ඇමෙරිකාව පරිගණක වයිරස හදලා

කාන්ස්බෝයි Tuesday, 05 June 2012 04:18 AM

හෙණ ගහන්න එපෑයැ දෙයියනේ

:       0       0

අලිබබා Monday, 04 June 2012 03:56 PM

ඇමරිකාවට වයිරස් දෙන්නපටන් ගත්කල කොහෙන් වදිනවාද කියා නොදනී.ජෝජ් බුෂ් සපත්තුපාර කාගෙන ගියාසේ ඔබාමාද හිස බේරාගෙන ගියොත් හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site