ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.
ඉරාන ජනාධිපතිවරයාට වඩා බලවතකු වන්නේ එරට උත්තරීතර නායකයාය. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ඊශ්‍රායලය පහර දෙද්දීත්, ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය පහර දෙද්දීත්, තව දුරටත් නිහඬව බලා සිටීමට නොහැකි බව කමේනී අවස්ථා ගණනාවකදී පවසා තිබුණි.
කෙසේ නමුත් නසරැල්ලාගේ ඝාතනය සම්බන්ධයෙන් කමේනී හෝ ඉරානය හෝ නිහඬව බලා නොසිටිනු ඇතැයි දේශපාලන විහ්ලේෂකයෝ පෙන්වා දෙති.
නසරැල්ලා ඝාතනය මැදපෙරදිග කලාපය දිනෙන් දින උණුසුම් කරන ගිනිදැල් ළැව් ගින්නක් සේ පැතිර යෑමට ද හේතුවක් වනු ඇතැයි ද පැවැසෙයි.
සෙවණැලි අතරේ සැඟව සිටි නසරැල්ලා, ඉරානය සමඟ සමීප සබඳතා පැවැත්වූ අයෙකි. ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යය ඉරානයයි. ඉරානයේ සහාය ලබමින්, හිස්බුල්ලා සංවිධානය දේශපාලනික අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ශක්තිමත් කිරීමේ පුරෝගාමියා වූයේ නසරැල්ලාය.
ගාසා තීරයේ හමාස් පලස්තීන සංවිධානය බිහිවූයේත්, හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය බිහිවූයේත්, නසරැල්ලගේ නායකත්වය යටතේය. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට පමණක් නොව, ඉරාකයේ ෂියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම්වලට මෙන්ම යේමනයේ හවුති ඇතුළු සෙසු සන්නද්ධ කණ්ඩායම්වලට ද අවි ආයුධ සහ අවි පුහුණුව ද ලබා දීම සිදුවූයේ නසරැල්ලගේ නායකත්වය යටතේය.
(අල් ජසීරා)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
අරවින්ද මොනරවිල Sunday, 29 September 2024 12:52 PM
අල් කමේනිගෙත් විසිල් විතරයි බල්ටි නැහැ...
Muthunamagonnage fernando ayesh nadira Sunday, 29 September 2024 03:34 PM
සෙල්ලම්ද කොල්ලෝ...!
Tharanga Kumara Monday, 30 September 2024 12:03 PM
අවිගත්තෝ අවියෙන්ම නසී - ජේසුස්වහන්සේ