IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඉරානයේ උදවු නැතිව සිරියා අර්බුදය විසඳන්න බෑ

ඉරානයේ සහාය නැතිව සිරියා අර්බුදය විසඳිය නොහැකි යැයි එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් පවසයි. හිටපු මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ සිරියා අර්බුදය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති විශේෂ සමුළුවකදීය. අනන් සමඟ අරාබි ලීගයේ විශේෂ නියෝජිතවරුන් පිරිසක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාව වෙනුවෙන් පත් කළ සාම නිරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දුන් ජනරාල් රොබට් මූඞ් ද එම සමුළුවට සහභාගී වූයේය. ”සිරියා අර්බුදය දිනෙන් දින උත්සන්න වෙනවා. ඊට වහා විසඳුමක් අවශ්‍යයි.  අර්බුදය විසඳීමේ කි‍්‍රයාවලියට ඉරානයත් සම්බන්ධ කර ගත යුතුයි. සිරියා අර්බුදය විසඳීමට කළ හැකි එකම මාර්ගය එයයි.” යැයි මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් අවධාරණය කළේය. සිරියා අර්බුදය විසඳීමට නම් ගෝලීය සමුළුවක් පැවැත්විය යුතු බවත් ඊට ඉරානය සම්බන්ධ කර ගත යුතු බවත් රුසියාව මීට පෙර ප‍්‍රකාශ කර තිබුණි. එහෙත් ඇමෙරිකාව ප‍්‍රමුඛ සෙසු බටහිර රාජ්‍යයන් ඊට දැඩි ලෙස විරෝධය පළ කළේය. පසුගිය මාර්තු මාසයේ සිට මාස 16 කට ආසන්න කාලයක් තිස්සේ පවතින සිරියා අර්බුදය මේ වනවිට උග‍්‍ර අතට හැරී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ රජය සහ කැරැලිකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් 15,000 ක් ජීවිතක්ෂයට පත්ව සිටින බවය. සිරියා අර්බුදයට විසඳුම් සෙවීමට, සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයටත්, කැරැුලිකාර පාර්ශ්වයටත් සාම සැලැස්මක් හඳුන්වා දුන්නේ  කොෆී අනන් සහ අරාබි ලීගය එක් වෙමින්ය. සිරියා ජනාධිපති සහ කැරැලිකාර පාර්ශ්වයේ එකඟත්වය මත එම සාම සැලැස්ම කි‍්‍රයාවට නැංවූයේ පසුගිය අපේ‍්‍රල් මාසයේදීය. එහෙත් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. සාම සැලැස්ම නිසි ලෙස කි‍්‍රයාත්මක වන්නේදැයි සෙවීමට සිරියාවට ගිය ජනරාල් රොබට් මූඞ් ප‍්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයෝ ද මීට සති කීපයකට පෙර සිරියාවෙන් පිටවුණහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වනවිට සිරියාවේ සිවිල් යුද්ධයක් හටගෙන ඇති බවය. එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් (දකුණේ) සහ ජනරාල් රොබට් මූඞ් ජිනීවා නුවර මාධ්‍ය හමුවට එක් වෙමින්



අදහස් (0)

ඉරානයේ උදවු නැතිව සිරියා අර්බුදය විසඳන්න බෑ

දයා, සෞදියේ සිට Monday, 25 June 2012 04:38 PM

මැතිතුමණි..! ඔබ නොසිටි නිසා අපට බොහෝ පාඩු සිදු වී ඇත......

:       0       0

මධූ Monday, 25 June 2012 08:53 PM

කොහොමත් මේ රටවල අයට මොළේ නෑ

:       0       0

හීන් මැනිකා Monday, 25 June 2012 09:09 PM

ඊශ්‍රායලයේ උදවු අපටද?

:       0       0

දහම් Monday, 25 June 2012 09:24 PM

ඇයි? ඇමරිකාවේ උදවු එපාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site