IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉරානය අතට පත් ඇමෙරිකන් යානය ඔබාමා ආපසු ඉල්ලයි

ඉරාන ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වී ඔත්තු බලමින් සිටිද්දී ඉරාන හමුදාව අත්ට පත්වූ නියමුවන් රහිත ඇමෙරිකන් ඩ්‍රෝන යානය ආපසු බාර දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඉරාන රජයෙන් ඉල්ලීමක් කරයි.ඉරාන හමුදාව අතට පත්වී ඇත්තේ නවීන තාක්ෂණයෙන් නිපදවන ලද ආර් කියු 170 සෙන්ටිනල් වර්ගයේ නියමුවන් රහිත යානයකි. ඇමෙරිකාව එම යානය භාවිතා කරන්නේ ඔත්තු නිරීක්ෂණ කටයුතු සඳහාය.ගුවන් සීමාවට ඇතුළු වූ නිසා යානය බිම හෙළීමට තමන් සමත් වූ බව ඉරාන හමුදාව ප‍්‍රකාශ කළේ ඉකුත් පස් වැනිදාය. එම අවස්ථාවේදී ඇමෙරිකාව ඒ ගැන මුනිවත රැක්කේය. පසුගිය අට වැනිදා ඉරාන හමුදාව එම යානය එරට මාධ්‍ය ඔස්සේ ලොවට ප‍්‍රදර්ශනය කළේය. එම අවස්ථාවේදී ඇමෙරිකා රජය ප‍්‍රකාශ කළේ ඉරාන/ඇෆ්ගනිස්තාන දේශසීමාවේදී ආර් කියු 170 සෙන්ටිනල් වර්ගයේ යානයක් තම පාලනයෙන් ගිලිහී අතුරුදන් වූ බවය. ඉරාන හමුදාව අතට යානය පත්වීම ගැන කනස්සල්ල පළ කරන ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පෙරේදා (12) ඉරාන රජයෙන් ඉල්ලා සිටියේ ඔවුන් සතුව ඇති ඇමෙරිකන් යානය යළි ඇමෙරිකාවට භාර දෙන ලෙසය.ආර් කියු 170 සෙන්ටිනල් වර්ගයේ යානා නිර්මාණය කෙරෙන්නේ ඇමෙරිකාවේ තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින්ය. එය පියාසර කරන්නේ අඩි 50,000 ක් ඉහළ අහසේ රේඩාර්වලට හසු නොවන මට්ටමකය.මීටර් 27 ක් දිග, මීටර් 2 ක් උසැති යානය බිම හෙළීමට ඉරානය සමත් වූයේ කෙසේදැයි තවමත් අබිරහසකි. එය ඇමෙරිකානුවන්ට ද ගැටලූවක් වී ඇත.යානයට සිදුවී ඇත්තේ සුළු හානියක් පමණක් යැයි ඉරාන හමුදාව පවසයි. ඉරානය කෙසේ හෝ උපක‍්‍රමයකින් යානයේ ස්වයංකී‍්‍රය පාලනය තමන් අතට ගෙන ඇතැයි ඇමෙරිකා රජය අනුමාන කරයි.පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර නිවසක අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සැඟවී සිටියදී, එම නිවස ගැන ඔත්තු බැලීම සඳහා ඇමෙරිකා හමුදා යොදා ගත්තේ ද ආර් කියු 170 සෙන්ටිනල් වර්ගයේ යානවකි.ඉරානය අතට පත්ව ඇති ඇමෙරිකා යානය ප‍්‍රතිසංස්කරණය කොට හමුදා කටයුතුවලට යොදා ගන්නා බව ඉරාන රජය පවසා ඇත.න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනට මුවා වී ඉරානය, හොර රහසේ පරමාණු බෝම්බ නිපදවන බවට ඇමෙරිකාව චෝදනා කරයි.  එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන ඉරානය පවසන්නේ ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර සහ හමුදා කටයුතු ගැන ඔත්තු බැලීමට ආර් කියු 170 සෙන්ටිනල් යානය එවූ බවය.



අදහස් (0)

ඉරානය අතට පත් ඇමෙරිකන් යානය ඔබාමා ආපසු ඉල්ලයි

මධූ ප්‍රසන්න Thursday, 15 December 2011 10:12 PM

ඉරානයෙන් හොද වැඩක්

:       0       0

මොහොමඩ් ජින්නා Friday, 16 December 2011 02:04 AM

චමින්ද ඔබේ අදහසමයි මගෙත්

:       0       0

චමින්ද Wednesday, 14 December 2011 01:43 PM

ඉරාණයට ජය වේවා..

:       0       0

චමින්ද Wednesday, 14 December 2011 02:21 PM

අමෙරිකාවට හොද පඩමක් උගන්වන්න ඔනෙ. පොඩි රටවල් වලට කරන ඒවට

:       0       0

kawee Thursday, 15 December 2011 02:22 PM

වැටිච්ච යානය ඉල්ලන කොට ඔබාමාට ලැජ්ජාව අමතක වෙන්න ඇති.

:       0       0

චානක Thursday, 15 December 2011 08:50 PM

ඇමෙරිකාව තවත් ලජ්ජා නැතිව මේ වගේ ඉල්ලීම් කරනවානේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site